බ්‍රැන්ඩික්ස් ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට!

Date:

කොළඹ LNW :මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමක සළකුණු පෙන්නුම්කරමින් මේ වන විට බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙලෙස එකී කර්මාන්ත ශාලා වසාදැමීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.

ඒ අනුව මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයින්ට වඩා අඩු වැටුපකට බංග්ලාදේශයෙන් ශ්‍රමිකයින් සපයා ගැනීමට හැකිවීම් මත මෙරට එම ආයතනවල සේවකයින්ට බංග්ලාදේශ කර්මාන්ත ශාලාව සමඟ එක්වීමට තිබෙන ඉඩ ද ඇහිරී තිබේ.

තවද බංග්ලාදේශ ශ්‍රමිකයින්ට කර්මාන්ත ශාලාව විසින් ආහාර සැපයීමක් ද සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති වීමද මෙම ආයෝජන බංග්ලාදේශයට යාමට තවත් හේතුවක් සපයා ඇති බව සඳහන්.

කෙසේවෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසින් දිනෙන් කර්මාන්ත ක්ෂේත්‍රය කඩා වැටෙමින් තිබෙන අතර ඊයේ දින මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී ද ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තශාලා වැසී යාමත් සමඟ දහස් ගණනින් රැකියා විරහිතභාවයට පත්වීමත් සමඟ සමාජ ආර්ථික වශයෙන් ඇතිවන අර්බුදයන්ට පිළියම් යෙදීමද අසීරු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද...

රියැලිටි කලාවේ නව මුහුණු කිහිපයක් එන්නට හෝරා කිහිපයකට මත්තෙන්!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : රියැලිටි සංගීත කලාවේ තවත් චමත්කාර ජනක හෝරා දෙකක් නැරඹීමේ අවස්ථාවක් රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට උදාවෙයි. ඒ, මේ මස 17 වෙනි සෙනසුරාදා රාත්‍රී 7.30ට දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වනදෙරණ ඩ්‍රීම් ස්ටාර් අදියර 12 අභිෂේක මංගල්‍ය නිසාය. මෙවර ඩ්‍රීම් ස්ටාර්කිරුල සඳහා යොවුන් ගායකයන් දෙදෙනෙකුත්, යොවුන් ගායිකාවකු...

නේපාලය ඉදිරියේ අවාසනාවන්ත පරාජයක්!

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

කඳුකර දෙමළ ජනතාව යළි යළිත් සිය අයිතිවාසිකම් ඉල්ලයි.පොංගල් ද කොළඹට! (PHOTOS)

කොළඹ LNW:සුභ තෛපොංගල් උත්සවය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ මලයියාහ...