කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

“ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ. ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි.”

තවද , 2023 මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 604ක විදේශ ආයෝජන ලැබී තිබෙන බවද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඒ බව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...