*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාවට ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ගැන නවතම තතු හෙළිවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 27, කොළඹ (LNW): ඉන්දියාවේ දී ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බව පැවසේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, නවතම කරුණු කිහිපයක් අනාවරණ වී ඇති බවයි,

ඒ අනුව පාකිස්ථානයේ ISIS නායකයෙකු ලෙස කටයුතු කරන අබු නමැත්තාගේ උපදෙස් අනුව මොවුන් ඉන්දියාව තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවත් , ඔහුගේ ජංගම දුරකතනයේ තිබී නර්මදා ගංගාවේ ඡායාරූපයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

තවද සැකකරුවන් සතුව තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ ද ආරක්ෂක අංශය භාරයට ගෙන ඇති බවත් , ඔවුන් සතුව තිබී ISIS සංවිධානයේ ධජයක් සොයාගෙන ඇති අතර අදාළ ප්‍රහාරයෙන් අනතුරුව එය එම ස්ථානයේ දමන ලෙසට උපදෙස් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

යුදෙව්වන්, කිතුනුවන් සහ ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායකයින් ඉලක්ක කිරීම ත්‍රස්තයින් පිරිසගේ අරමුණ වී තිබූ බවත් වාර්තා වේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට පාකිස්තානයේ ISIS නායකයා සමඟ මොවුන් සබඳතා පවත්වා තිබුණු බවත්, එතැන් පටන් අඛණ්ඩව සමාජ මාධ්‍ය හරහා ඔහු සමග සබඳතා පවත්වා ඇති බවට ඉන්දිය ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කර ඇත.

ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙරට පුද්ගලයින් සිටීදැයි සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වේ.

පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, මේ වනවිට කඩිනම් විමර්ශනයක් සිදුකෙරෙන බවයි,

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය තුළ ප්‍රහාරයක් දියත් කිරීමේ සූදානමක් සහිතව මෙරට සිට අහමදාබාද් නගර වෙත පැමිණි ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිව්දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ අනුව ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ තවත් පුද්ගලයින් මෙරට තුළ සිටින්නේදැයි සොයා ආරක්ෂක අංශ මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan