නීතිපතිට ජනපතිගෙන් සේවා දිගුවක්. තවත් ගැටුමක මුලද ?

Date:

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

සංජය රාජරත්නම් මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ජුනි 27 වනදා සිට විශ්‍රාම යාමට නියමිතව සිටී.

ඒ අනුව ඒ මහතාට තවත් මාස හයක සේවා දිගුවක් ලබාදීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන සතියේ රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ එම නිර්දේශයට අනුමැතිය ලබාදෙන්නේද යන්න පිළිබඳ සලකා බැලීමට නියමිත බව වාර්තා විය.

කෙසේවෙතත් මීට පෙර, හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදුන් අවස්ථාවලදීත් නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේදීත් උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේදීත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර යම් ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ ආකාරය දැකගත හැකිවිය. ඒ අනුව නීතිපතිවරයාගේ සේවා දිගුව නිසාත් නැවත වතාවක් එවන් මත ගැටුමක් ඇතිවීමේ ඉඩක් මතුව ඇති බවයි දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...