දෙවියන් වහන්සේ තමා තෝරාගෙන ඇති බව මොදී කියයි; වෙන අයෙකුනම් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කරන බව ගාන්ධි කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය මැතිවරණය අවසන් වීමට ආසන්නයේ තිබියදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙන්නේ දෙවියන් වහන්සේ තමාව තෝරාගෙන ඇති බව විශ්වාස කරන බවයි.

ඊයේ(26) දිනයේදී NDTV ප්‍රවෘත්ති නාලිකාවේ සම්මුඛ සාකච්ජාවකදී මොදී සඳහන් කර තිබුණේ, දෙවියන් තමා අරමුණක් වෙනුවෙන් එවූ බව තමා විශ්වාස කරන බවත්, තමා සම්පුර්ණයෙන්ම දෙවියන්ට කැපවී සිටින බවත්ය. මෙහිදී මොදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඔහුගේ බොහෝ වැඩ කිරීමට දෙවියන් වහන්සේ තමාට මඟ පෙන්වූ බවයි.

මෝඩි ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) තුළ මනාව ස්ථාපිත පෞරුෂ සංස්කෘතියක් ගොඩනගා ගෙන ඇති අතර ජූනි 4 වනදා මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන විට තුන්වන වරටත් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

භාරතීය ජනතා පක්ෂය වන හින්දු ආගම සක්‍රීයව ප්‍රවර්ධනය කර ඇති අතර හින්දුන්ගේ ගෞරවයට බඳුන්ව තිබේ. ජනවාරි මාසයේදී අයෝධ්‍යාවේ රාම දෙවියන් වෙනුවෙන් ඉදි වූ නව විහාරස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී, චාරිත්‍ර වාරිත්‍රවල ප්‍රමුඛ භූමිකාව ඉටු කළේ හින්දු පූජකයන්ට වඩා මෝදිය.

මිට අමතරව පසුගියදා ඔහුගේ මැතිවරණ කොට්ඨාශය වන වරනාසි හි රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී, මොදී සඳහන් කර තිබුණේ, “මගේ අම්මා ජීවතුන් අතර ඉන්නකොට මම විශ්වාස කළේ මම ඉපදුණේ ජීව විද්‍යාත්මකව කියලයි. ඇය අභාවප්‍රාප්ත වූ පසු, මගේ සියලු අත්දැකීම් මෙනෙහි කිරීමෙන්, දෙවියන් වහන්සේ මා එවා ඇති බව මට ඒත්තු ගිය බවයි ‘. මෙය උපහාසයට ලක් කරමින් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රකාශ කර තිබුණේ, මෑතකදී මෝඩි කරන ප්‍රකාශ සාමාන්‍ය පුද්ගලයෙක් කළා නම්, ඔවුන් කෙලින්ම මනෝ වෛද්‍යවරයකු වෙත ගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...