*
Thursday, May 29, 2025
spot_img

Latest Posts

ක්‍රීඩාවට සරිලන විදිහට නොවන ඇමතිට සරිලන විදිහට පණත වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ මැයි 27, කොළඹ LNW:

ක්‍රීඩා පණත සංශෝධනයට අත තබා ඇත.ඒ කාලයක් තිස්සේ විසිරෙමින් තිබූ ජනප්‍රිය උවමනාවන් සංතර්පණය කිරීමට මුල් තැන දෙමින්ය.එහිදී කාලයක් තිස්සේ අඩුවක්ව පැවති ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල සහ සම්මේලනවල හැඩය ගැන ගෙනෙන යොජනාව වැදගත්ය.එහෙත් එහි නියමයන් සියල්ල ඉටු කිරීමේ වහල්භාවයෙන් සංගම් මුදවා ගැනීමේ වගකීම රාජ්‍ය සතුය.


මේ කාරණය අමාත්‍යවරයා ගෙන දක්වන්නේ ලෝකය කමින් වතුර බොන ලංකාවෙ සටකපටයන්ට මේ ඇමති පමණක් නොව අන් ඇමතිවරුද කළ සේ හිතවතුන්ට ක්‍රීඩාවේ දොරටු විවර කර කර දීමේ මිත්‍ර සේවනය පිණිසය.ලෝක සම්මේලනයක් තමන්ගේ පොදු නිර්මිතයන්ගෙන් මිදී ශ්‍රී ලංකාවේ යම් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් පමණක් අසාධාරණ නීති පනවමින් ක්‍රීඩාවේ ව්‍යාප්තියට හානි වන ආකාරයෙන්,යම් සීමාවන් පනවන්නේනම් එය හැදැරීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය.එය ඔලිම්පික් ක්‍රීඩාවක්නම් ජාතික ඔලිම්පික් කමිටුවේ සහය ඇතිව ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා කර,එම නියමයන්ගෙන් රටේ ක්‍රීඩාවට සිඳුවන හානිය පැහැදිළි කර දීමට අවශ්‍යය වන්නේය.ඔලිම්පික් ක්‍රීඩාවක් නොවන්නේනම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර කරුණු දැක්වීමට නීති මණ්ඩලයක් සිටිය යුුතුය.ජාත්‍යන්තරයෙන් පනවන ඇතැම් සංශෝධන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට හානිකර බව පවසන විට නැහැ එය කළ යුතුමයි කියා බලපෑම් ඇති කරන ලෙස ක්‍රීඩා පණතට වගන්ති ගෙන ඒමට වඩා ඒවා සාකච්ඡා කළ හැකි සහ ඒ ගැන සළකා බැලීම සඳහා වන සංයුතියක් ක්‍රීඩා පණතේ තිබිය යුතු බව අප පවසන්නේ රොෂාන් රණසිංහ ඇමති චණ්ඩිකම් පෙන්වා ක්‍රීඩා තුනකට එක පාර ජාත්‍යන්තර තහනමක් ගෙනා මොහොතේ සිටය.

උප සභාපතිවරු තුනක් ලෙස සීමාවක් පැනවීම ද පිළිගත නොහැකි කාගේ හෝ වැරදි උපකල්පනයකි.එසේත් නැතිනම් උවමනාවකි.ඇතැම් ක්‍රීඩාවලට ක්‍රීඩාවේ විවිධ විෂයාශ්‍රිත නිපුනයන් හෝ සංවිධායකයන් යොදවා ඒවා සංවර්ධනය කිරීම අවශ්‍යය වන්නේය.ඒ වගකීම උප සභාපතිවරු යටතේ ක්‍රියාවට නැංවෙන්නේය.එවැනි සංගම්වල ක්‍රියාකාරීත්වය සහ පලදායීතාවය සැළකිල්ලට නොගෙන තිබීම කණගාටුදායකය.පාසල් නියෝජිතත්වය අනිවාර්ය වීම කම් නැත.එය සුදුසුය.දැනටත් බොහෝ ක්‍රීඩා පරිපාලන එය පිළිපදින්නේය.එහෙත් ක්‍රීඩා සංගම්වලට සම්බන්ධ සාමාජිකයන්ට තමන්ට රිසි පරිදි පණතෙන් පනවන සීමාවන්ට යටත් නොවී තෝරා ගැනීමට හැකියාව ඇත්තේ දෙදෙනෙකු පමණක් වීම ක්‍රීඩා පණත විසින් අනවශ්‍ය බලපෑමක් සංගම් සම්මේලන පිට පැටවීමකි.


ක්‍රීඩා අමාත්‍යවරයා වරලත් ගණකාධිවරයෙකු ලෙස ක්‍රීඩාව ඉතා ඉහළින් ගොඩ දමමින් සිටින බව සිතනවා ද,එසේත් නැත්නම් වෘත්තිමය වශයෙන් ඉහළ තලයක පසුවීමේ උවමනාව තදින් සළකා බලා අශෝක රංවල වැනි ආචාර්යවරුන්ට රගපෑම් කරන්නට ඉඩ දීම වැනි මානසිකත්වය තුළ තවමත් සිටිනවාද යන්න පැහැදිළි නැත.කෙසේ වුවත් එවැනි ගණකාධිවරුන්ට,වෛද්‍යවරුන්ට,ඉංජිනේරුවරුන්ට සහ නීතිඥවරුන්ට යම් කාල රාමුවක් යටතේ සේවය කිරිමෙන් අනතුරුව ක්‍රීඩා සංගම්වලට පත්වීමේ ඉඩ පවරා ඇත.සමහර වි එය තවමත් සුව නොවුණ නිල ගායේම ලක්ෂණයක් වන්නට හැකිය.


අමාත්‍යවරයා දැඩි විශ්වාසයකින් තමන් යටතේ ක්‍රීඩාව හොදින්ම කළමණාකරනය වන බවත්,ඒ නිසා ක්‍රීඩාවේ පරිපාලනයට ගණකාධිකාරීවරයෙකු වීම වැදගත් බවත්,ක්‍රීඩාව නොකර ක්‍රීඩා පරිපාලනය කිරීම අරමුණු කරගෙන වානිජ විෂය හැදැරිමේ පෙළඹීමක් ඇති කරන තැනටම ක්‍රීඩා පණතේ සංශෝධන තමන්ට ඇති විෂය සුදුසුකම්වලට ක්‍රීඩාවේ විශාල ගෞරවයක් අත්පත් කර දිම වෙනුවෙන් වෙන් කර ඇත.

මෙහි වර්ථමාන අභියෝගය මේ කිසිවක් නොව ක්‍රීඩාව කිරීමට හොඳ ආර්ථික පදනමක් ඇති පුද්ගලයන් ක්‍රීඩාාවට නොපිවිසීමය.ක්‍රීඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාව ආකර්ශණය කර ගැනීමට රජය පැත්නේ යම් යම් සහනදායී තත්ත්වයන් නිර්මාණය කළ යුතුව ඇත.ක්‍රීඩා පණතට පිටින් ඒ පසුබිම රජය විසින් සකස් කිරිමට පෙළඹවීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේත් අමාත්‍යංහ නිලධාරීන්ගේත් කාර්යය වන අතර එය ස්ථාපිත කර ව්‍යාපාරික ප්‍රජාවට යම් යම් ක්‍රීඩාමය වූ සුදුසුකම් දක්වා පරිපාලනයට ඒමට ඇති ඉඩ පුළුල් කළ යුතුව ඇත. එවිට ව්‍යාපාරයේ ලාභය වෙනුවට සහනයේ ලාභ කොටස හෝ ක්‍රීඩාවට යෙදවීමට ව්‍යාපාරික ප්‍රජාව ක්‍රියා කරනු ඇත.ජාත්‍යන්තර මට්ටමෙන් ආකර්ශණයක් ඇති වන ආකාරයට ක්‍රීඩකයාව සරසනු ඇත.


එසේ නොවී ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩා සංගම්වල මූල්‍ය අවස්ථාවන් සියල්ල සම්පාදනය කළ හැකි මට්ටමක සිටීනම් සහ එම වගකීම දැරීමට මූල්‍යමය වශයෙන් ශක්තිමත්නම් ගණකාධිවරු,නීතිඥවරු ආදී ඕනෑම ආකාරයක අයෙකුට මෙයට පිවිසීමට අවස්ථාව විවර කර දුන්නාට කම් නැත.ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක වාර්ෂික තරග අවස්ථා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉටු කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය කුමන ප්‍රතිශතයක වියදමක් දරන්නේද? එසේත් නැත්නම් ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන උප ලේඛණ අනුව වියදම් දරන ක්‍රීඩා තරගාවලි නම් කර ඉදිරිපත් කළ යුතුය.එසේ නොවන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට ඇති විදේශ තරග අවස්ථාවන් සඳහා එම සංගම් සම්මේලන මූල්‍යමය ප්‍රතිපාදන රැස් කර ගත යුතුය.ක්‍රීඩාවට එම සහභාගීත්වයන් වැදගත් බැවින් එසේ මුදල් නොමැති නිසා ක්‍රීඩාවේ සහ එහි නියැලෙන ක්‍රීඩකයන්ගේ ප්‍රගතියට හානි සිඳුවන ලෙස හැසිරීම් කිහියක් සළකා ක්‍රීඩා පණතින් එම පරිපාලනය ඉවත් කිරිමේ හැකියාවක් තිබිය යුතුය.නැතිනම් නුසුදුසු සහ වැරදිකරුවන් තමන්ගේ කාලය ගෙවෙනතුරුම ක්‍රීඩාවට හානි කරමින් කල් ගෙවන්නේය.මේවා ක්‍රීඩා පණතට ඇතුළත් නැත.


අතීතයට බලපාන පරිදි ක්‍රීඩාවට හානි කර අන්දමින් හැසිරී ඇති අයට දඬුවම් දීමේ බලය ක්‍රීඩා පණතෙන් තිබිය යුතුය.මේ ආණ්ඩුව පත් වූයේම අතීත වැරදි ගැන ඒවාට දඬුවම් නොදි වරප්‍රසාද හිමිවීම ගැන මහා උනන්දුවක් සමාජය තුළ ඇති කරමින්ය.ඒ අනුව ක්‍රිඩා අමාත්‍යවරයා දියගම සංචාරය කර මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම ගැන කළ හෙළිදරව්ව සහ එහි ඇති සැක සංකා උපදවන වංචනික ගණු දෙනු සම්බන්ධයෙන් වගකීමට බැදී සිටින පිරිසට ක්‍රීඩාවට සම්බන්ධ වීමට නොහැකි ලෙස තහනමක් පනවා පරීක්ෂණ සිඳු කළ යුතුව ඇත.එසේම රටට යම් අගතියක් වී ඇති බව ජාත්‍යන්තරය පිළිගෙන දඬුවමක් හෝ දඩයක් පනවා ඇතිනම් එම වරදට වගකිව යුතු අයට ක්‍රීඩාවට නැවත සම්බන්ධ විය නොහැකි ලෙස දඬුවම් දිය හැකි නීතිමය ප්‍රතිපාදන ක්‍රීඩා පණතට ඇතුළත් විය යුතුය.ඒවා ජාත්‍යන්තර සංගම්වලට දන්වා එවැනි නියෝජනයන් හරහා තමන් කළ වරදට ඇති නොපිළිගැනීම ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කර වෙනස් කරවා ගැනීම වැළක්වීමට දඩුවම් දීටෙ සීමා නොවී ජාත්‍යන්තරයට ද දැණුම් දිය යුතුය.


නම් කරන ලද ක්‍රීඩා තරග කිහිපයක පළමු,දෙවන සහ තෙවන ස්ථාන හිමි වීම හෝ විශේෂයෙන් වෘත්තිකයෙක් වීමත්,එයින් වඩා වැදගත් වරලත් ගණකාධිකාරිවරයෙකු වීමත් ලෙස ක්‍රීඩාවේ පරිපාලනයට නම් කර ඇති සුදුසුකම් අතර පිළිගත් විශ්ව විද්‍යාලයකින් වගේම ජාතික ක්‍රීඩා විද්‍යායතනයට ක්‍රීඩා පරිපාලනය ගැන ඉහළ ඉගැන්විමක් ඇතුළත් කර එය සුදුසුකමක් ලෙස සැළකිම මෙන්ම,ජාතික ඔලිම්පික් කමිටුවේ ඇති පාඨමාලාවන් හී දැණුමට ද ඉඩක් සැකසීම වැදගත්ය.ක්‍රීඩා කේෂ්ත්‍රෙය් බොහෝ දෙනෙකුට ඒව කෙරෙහි යොමු වන්නට එය බලපාන්නේය.එවිට ස්ථාන ගැන ගැටළුව නොව ජාතික මට්ටමේ තරගාවලි නියෝජනය වුව පරිපාලන දැණුමට ප්‍රමාණවත් වන අතර ලංකාව වැනි රටක ජාතික මට්ටමේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සමඟ විෂයානුබද්ධ දැණුම රැදී තිබෙන්නේ අඩුවෙන්ය.


අපි සමඟ ක්‍රීඩා කර අහවලා අර රටේ ක්‍රීඩාවේ අසවල් තනතුර දරන බව කියනු බොහෝ තැන්වල ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පවසනු අසා ඇත.එහෙත් ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇති අධ්‍යාපනික සුදුසුකම් කවරේද යන්න පවසා ඒවා සංසන්දනය කරන්නේ නැත.සමහර එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිකමට ගුරු තනතුරක් ලබා ඇති බව සිතන්න.විමසා බලද්දී එය ලැබී ඇත්තේ ද නිසි අධ්‍යාපන සුදුසුකම් ඇතුව නොවේය.ක්‍රීඩාවේ පෙන් වූ හැකියාවට මුල් තැන දී වරප්‍රසාදයක් ලෙස අවම අධ්‍යාපන සුදුසුකම්වත් නොසළකාය.


වඩාත්ම අවධානය යොමු කළ යුතු තත්ත්වය වන්නේ ක්‍රීඩාවක් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කරන්නේ කෙසේද යන්නයි.ඒ සඳහා එම ව්‍යහුයට අදාළව පත් කිරීම් සිඳු කළ හැකි වන්නේ කෙසේද යන්න ක්‍රීඩා පණතෙන්ම සළකා බැලිය යුතුය.කීර්තිමත් ව්‍යාපාරකයෙක් වන්නේ කෙසේද යන්න සහ පිරිස් පරිපාලනය සමබන්ධයෙන් ලබා ඇති කීර්තිය,අධිකරණයෙන් වරදකරුවෙකු වී නොතිබීම මෙන්ම මීට පෙර සිටි පුද්ගලයෙකුනම් ජාත්‍යන්තර වශයෙන් තහනමකට හෝ දඩයකට භාජනය වී නොතිබීම ද මෙහිදී අවධානයට ගත් යුතුය.අමාත්‍යංශය ක්‍රීඩාවක වෙනුවෙන් වසරකට මැදිහත් වන ප්‍රමාණය සහ ඉතිරි ප්‍රමාණය සළසා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ පරිපාලකයන් පත්වන විට ඉදිරි සැළසුම් ඉදිරිපත් කළ යුතුය.ඒවා සාරංශ ගත කර ක්‍රීඩා සමාජ වෙත දැන ගැනීමට ප්‍රසිද්ධ කළ යුතුය.

එසේම ක්‍රීඩා පරිපාලනයක ව්‍යහුය අඩුම තරමෙන් පළාත් හයක්වත් (2/3) ආවරණය වන පරිදි විසිරී තිබිය යුතුය.ඒවා වසර 10 ක් තුළ පළාත් නවයම ආවරණය වන පරිදි ස්ථාපිත කර රටේම සක්‍රීය ක්‍රීඩාවක් බවට පත් කළ යුතුය.ඒ සඳහා උචිත සැළසුම් සහ සංවිධාන ව්‍යහුයන් සකස් කිරීම රටේ ප්‍රතිපත්තිමය කාරණයක් වූ විට ලෝකයට ඊට වෙනස්කම් කිරීමට අභියෝග කිරීමේ හැකියාවක් නැති,රටේ නෛතික සහ ප්‍රතිපත්තමය කාරණයක් වන අතර,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ද එරෙහිව ඇත්තේ සීමා කිරීම්වලට යටත් වන ගෝත්‍රික ක්‍රියා කළාපවලටය.ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් ඇති කරන බලපෑම් මතින් තව දුරටත් ක්‍රීඩාවේ ව්‍යාප්තිය යම් කිසි වරප්‍රසාදිත පංතියකට,පළාත් සීමාවකට යටත් කරමින් අසාධාරණයක් වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගතහොත් එවිට මේ නියමයන් ගැන අප පවසන දේ නැවත සංශෝධනය කරන්නට වනු ඇත.


බොහෝ විට ක්‍රීඩා පණතට වෙනස්කම් ගෙන එන්නට ක්‍රීඩා ඇමතිවරු උත්සාහ කළේම ස්වීය පෞද්ගලික රුචි අරුචිකම් මතය.එසේම තමන්ගේ හිතවතුනට රිසි නොවන අය පරිපාලනයට ඒම වළක්වා ඔවුන්ට රිසි පරිදි අවස්ථාව දීම වෙනුවෙන්ය.ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ පුද්ගලයන්ට,මාධ්‍ය සම්බන්ධතා ඇති අයට ලෙස වාරණ වැටුණු ආකාරය ඊට හොඳම උදාහරණය.එම ගැසට් පත්‍රය මුද්‍රණය වෙනුවෙන් එය භාරව සිටි රජයේ මුද්‍රණාලයේ නියෝජ්‍ය මුද්‍රණාලයාධිපතිතුමා හමුවන්නට අමාත්‍ය කාර්ය මණ්ඩලය රාත්‍රියේද පැමිණි බව අප හොඳින්ම දනිමු.


මේ සංශෝධන ද එබඳුමය.වෙනසකට ඇත්තේ තවත් තමන්ගේ රස්සාව කරන වැඩි පිරිසකට ක්‍රීඩා පරිපාලන පුටු වෙන් කර දීමට ද අමුතු තීරණයක් ගෙන තිබීමය.එහි පුහුණුකරුවන් තෝරා ගැනීම් ආදියද සැළකිල්ලට ගෙන ඇති බව දැක ඇත.වැඩි පහසුකම් ඇති පිරිසකට වැඩි අවස්ථාව දෙන ක්‍රමයක් තහවුරු කරනු විනා දක්ෂතාවය මනින මිම්ම නිවැරදිව සහ සාපේක්ෂව සළකා බැලීමට අවශ්‍යය ක්‍රමවේදයක් අනුගමනය කරනු බවද එයින් කිව යුතුය.
මුල් ස්ථාන දිනා ගැනීම ක්‍රීඩාවේ පරිපාලනයට සුදුසුකමක් විය යුතුය යන්න මේ මෑතකදී සුරේෂ් සුබ්‍රමනියම් ද පවසා සිටියේය.එහෙත් එහි ස්ථානය කවරකොරදැයි කියා නොකියන්නේය.ක්‍රීඩාව තුළ නියැලීමසහ ස්ථානය අතර ඇත්තේ දිගු දුරකි.ආනා පුංචිහේවා යන්න එහි ප්‍රසිද්ධ උදාහරණයකි.එහෙත් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව සැටලිම ගලවා දමන ආකාරයෙන් ඔහුව ක්‍රීඩාවේ ජයග්‍රහණය තහවුරු කර ගත් උදවිය ගලවා දැම්මේය.ක්‍රීඩා කළ අය ප්‍රකට කළ ක්‍රීඩාශීලීත්වය නොවන අවිචාරත්වය අද ද දකින්නට ඇති දෙයකි.දේශපාලකයා එහි හවුල්කරුවෙකු වූ විට තත්ත්වය භයානකය.


මේ තත්ත්වයන් යටතේ රටේ ව්‍යවස්ථාදායක සභාව අද වන විට ක්‍රීඩාවක් කියා දන්නේ ක්‍රිකට් පමණමය.දේශපාලනික වශයෙන් එහි ඇති මහා මුදල් කන්දරාවට තමන්ට සමීපතමයෙකු දමා ගැනීම මේ දැණුමේ රහසය.අමාත්‍යවරයා කියනාකාරයට මෙය ගලවා ගැනීම සඳහා මෑත ඉතිහාසයේ පත් කළ ක්‍රීඩාශීලී අය පාලනය කළ ආකාරයට හොඳම උදාහරණය ලැබෙන්නේ වරක් ලෝක කුසලානයක සත්කාරකත්වයේ සිටි ශ්‍රී ලංකාව එම තරගාවලියෙන් පසුව ක්‍රිකට් ආයතන සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්විම ය.මේ සියල්ල වගකීමෙන් සළකා බලන්නට සියලු ක්‍රීඩාවන් වෙනුවෙන් මහජන නියෝජිත මැදිහත්වීම ඇති කිරීමට ජාතික ක්‍රීඩා සභාව
ඕනෑම තැනක සිට හොරකම්,වංචා කළ අයෙකු තමන් යටතට පැමිණි පසු ඒවායෙන් මිදී සෝවාන් පළ ලබා ගත් තත්ත්වයට පත්වනු ඇති ආකාරයේ කතාවන් ක්‍රීඩා ඇමතිතුමා යම් යම් දූෂිතවලට සම්බන්ධ පිරිස් තමන්ගේ සමීපතම මිත්‍ර නඩය ලෙස සළකා වැඩ කරන්නටත්,වගකීම් පවරන්නටත් තෝරා ගැනීම් සාධාරණ කිරීම ගැන අදහස් දක්වමින් කියා ඇත.මේවා අර කොකාගේ සිල් ගැනීමට සමාන කතාය.ඒ නිසා තමන්ගේ පාලනය සදාකාලික වීම හෝ තමන්ගේ වෘත්තීය කරන සියල්ලන් ශුද්ධවන්තයෝ ය යන්න හැඟවීම වළක්වා පරිපාලනයේ තනතුරුවලට වානිජමය වශයෙන් වැඩ කරන්නට පොහොසත් පුද්ගලයන් කැඳවා ඒමට අවශ්‍යය පසුබිම ක්‍රීඩා පණතෙන් සකසා දීම වැදගත්ය.ක්‍රීඩා අමාත්‍යංශය දෙසට කට හැරුණු කැටයක් ලෙස පවතින ක්‍රිඩා සංගම්වල මූල්‍ය ශක්තිය තහනුරු කෙරෙන ආකාරයේ සැළසුම් සහ නිදහස ඇති කර ක්‍රීඩා අමාත්‍යංශ වැට ශීර්ෂ කණ්ඩායම්වල සංචාර සඳහා වැය කිරීම සීමා කර රටේ ක්‍රීඩාවට අදාළ මූලික අවශ්‍යයතා වෙනුවෙන් වැය කළ යුතුය.


බහුවිධ ක්‍රීඩාවන්ට උචිත වන ආකාරයට ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩාංගණ රටේ ඇත්තේ කොපමණද සහ ඒවායේ ප්‍රමිතිය කවරේද යන්න විමසා බලා එවැනි සාර්ථක බිම් සැකසීමට ක්‍රීඩා අමාත්‍යංශය යොමු විය යුතුය.එසේම ක්‍රීඩා පණත සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පණත අතර ඇති සබඳතා ද පුළුල් කළ යුතුය.විදේශිකයන් සියයකට වැඩි ප්‍රමාණයක් රටකට පැමිණෙ ජාත්‍යන්තර තරගාවලියකදී විදේශිකයන් සිටින බව කියමින් එම ක්‍රීඩාංගණ පහසුකම්වලට වැඩි මුදලක් වැය කරන ක්‍රමය වෙනස් විය යුතුය.හැම එකටම මුදල් ඉල්ලීම හැඩය කර ගත් ක්‍රීඩා සංගම් නඩත්තු කිරීමට වඩා එවැනි රටට ආදායමක් ගෙනෙන ක්‍රීඩා තරග සංවිධානය කරන සංගම්වලට සහනයත් දෙන පරිදි ක්‍රීඩාංගණ පහසුකම් සලසා දිය යුතුය.
එසේම විදේශ අමාත්‍යංශය ද මැදිහත් වන ව්‍යහුයක් ක්‍රීඩා සංචාරවල වීසා කටයුතු වෙනුවෙන් සකස් විය යුතුය.නැතිනම් තරගාවලි පෙනි පෙනී ක්‍රීඩකයන් අව්ව වැස්ස නොබලා වීසා පෝලිම්වල රස්තියාදු වීම මෙන්ම එවැනි තේරා ගත් ක්‍රීඩකයින් ඉදිරිපත් කළ යුතු කාලය අමාත්‍යවරයාගේ පහසුව අනුව තීරණය නොකිරීම ද වැදගත්ය.යම් ක්‍රීඩා සංගමයකට දින පහළොවකට පෙර අවසාන තේරීම පැවත්වීමේ වැදගත්කම ඒත්තු ගැන්විම පණතෙන්ම නියම කළ හැකිනම් වැදගත්ය.ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෑම ක්‍රීඩාවකටම පාහේ ව්‍යාපෘති නිලධාරිවරයෙක් ඇති අතර ඔහුට වසරක් පුරාවට සාමාන්‍යයෙන් ඒ ඒ ක්‍රීඩා සංගමයක් සතුව තිබිය යුතු මුදල කොපමණ විය යුතුද යන්න ගැන අවබෝධයක් තිබේ.නිලවරණයට ඉදිරිපත් වන සෑම කණ්ඩායමක්ම ඒ මුදලින් ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් නොවි සොයා ගන්නා මුදල් ප්‍රමාණය ගැන සහ එය සොයා ගන්නා ආකාරය ගැන නිලවරණ අවස්ථාවේදිම ලිඛිතව කරුණු ඉදිරිපත් කළ යුතුය.එවිට ක්‍රීඩාවට පත්වන පිරිසගේ යෝජනා අනුව ඔවුන්ට වැඩ කළ නොහැකිනම් එය ඉවත් කිරීමේ සාධකයක් ලෙස ගත හැකිය.සියල්ල නීතිමය වශයෙන් සකස් වුණ පොදු ලියවිල්ලකින් මෙපිට හමුවන මේ සංශෝධන මේ මේ මොහොතට අදාළව අමාත්‍යවරයාගේ කැමත්ත මූලිකව කැමති පිරිස් දායක වී සකස් කළ පෞද්ගලික ලියවිල්ලකින් එහාට ගමන් කරන්නේ නැත.දවසක එහි අසාර්ථක ප්‍රතිපල වංශය කබල් ගෑමක ස්වරූපයෙන් දැනෙනු ඇත.
අවධානය යොමු කළ යුතු පරිපාලනයේ ව්‍යහුයේ හැඩය ගැන සැළකිල්ලක් දැක්වීම වෙනුවට මේ වෙනස් කර ඇත්තේ මීට පෙර වූ ආකාරයටම අමාත්‍යවරයාගේ හෝ ආණ්ඩුවේ අවශ්‍යයතා පදනම් කරගත් ලියවිල්ලකි.එය තව දුරටත් නැවත නැවත සංශෝධනය විය යුතු අවස්ථා පැන නඟිනු ඇත.ඒ නිසා මාධ්‍ය කියන දේ කිරීමට අවශ්‍යය නැත,තමන් සියල්ල කරන හැටි දනිමි යැයි ක්‍රීඩා අමාත්‍යවරයා ජනමාධ්‍යෙව්දීන් කැඳවාම ප්‍රකාශ කළත්,වසර ගනනක් තිස්සේ සමහර ක්‍රීඩා පරිපාලකයන්ට හසු නොවුණු මඟ හැරුණු ක්‍රීඩකයන් අසීරුතා මැද හඳුන්වා දී,අවසානයේ සියලු ප්‍රභූන්ටත් රතු පළස් මතින් පැමිණෙන්න මඟ සැකසූ මාධ්‍යයන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා රැදී ඇත.ඒ නිසා ඒ රුදාවට මෙසේ ලියා තබන්නට සිත් විය.
ඒ රුදාවෙන්ම කිව යුතු තවත් දෙයක් ඇත.මේ මොහොත වන විට විදේශවල සිටින ශ්‍රී ලංකාවට සම්බන්ධයක් ඇති පිරිස්වලට සිය සම්බවයේ දකින්නට ඇති ලාංකේය උරුමය පදනම් කරගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩාවට බැසීමට අවසර දෙමින් ඇත.එය දැන් ජනප්‍රිය කාරණයකි.ආශිර්වාදය රජය පැත්තෙන්ද හිමිය.එ් ඔවුන් දක්ෂ නිසාය.දක්ෂ ඔවුන් ජීවත්වෙන පොළවේ ඇති ශක්‍යතාවයන්වල ප්‍රමාණය අනුවය.ඉතිං ඒ කාරණයම වෙනත් රටක ලාංකේය සම්භවය ඇති පිරිසක පරිපාලනයෙන්ද කළ හැකි නොවේද? එයට බාධා පැමිණවීම උඩට ඇඳ යටට නිකං සිටිනවා වැනිය.ක්‍රීඩා කරන ක්‍රීඩකයාගෙන් පල නෙලා ගැනීම සිඳු කරමින් පාලනයට දොර වසා දමා කරන්නේ ඔවුන්ගේ ආයෝජන හරහා ශ්‍රී ලංකාවට ගත හැකි විදේශ මුදල් ආදායම ද නොසළකා හැරීමය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan