කටුනායක ගුවන් තොටුපොළට අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට  උපදෙස් ලබාදී ඇති අතර එම  උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ , ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බවයි.

මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන්මලු පරීක්ෂා නොකෙරෙන බව රේගු නිලධාරීන් පවසන අතර , විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කල යුතු බවයි .

ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ ඊට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙසය. .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...