කටුනායක ගුවන් තොටුපොළට අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට  උපදෙස් ලබාදී ඇති අතර එම  උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

රේගු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණේ , ගුවන් මගීන් රැගෙන එන ගමන්මලු පරීක්ෂා කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ සාමාන්‍ය මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර පැවැතිය ද ප්‍රභූ මගී පර්යන්තයේ එවැනි පහසුකම් නොමැති බවයි.

මේ හේතුවෙන් විශේෂ මගී පර්යන්තය හරහා එන ප්‍රභූන්ගේ ගමන්මලු පරීක්ෂා නොකෙරෙන බව රේගු නිලධාරීන් පවසන අතර , විදේශ රටවල බොහොමයක විශේෂ මගී පර්යන්ත වල මෙන්ම අතිවිශේෂ මගී පර්යන්ත වලද අධි තාක්ෂණික ස්කෑන් පරික්ෂණ යන්ත්‍ර සවි කර ඇති බව සඳහන් වේ.

ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධී භාණ්ඩ ගෙන ඒම වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකා රේගුවට දැනුම් දී ඇත්තේ මෙම උපකරණ විශේෂ මගීන් හා ප්‍රභූන් පිටවන පර්යන්තයේද සවි කල යුතු බවයි .

ජනාධිපති ලේකම්වරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ ඊට අදාළ වාර්තාවක් ලබාදෙන ලෙසය. .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...