ෆොනීට ආයෙත් තදටම අපේක්ෂක උන වැළඳෙයි. ළඟදීම තීරණයක් ගන්නවා ලු !

Date:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මේ දවස්වල ආයෙත් තදටම ජනාධිපති අපේක්ෂක අසනීපය හැදිලා ලු.

දේශපාලනයට ආපු දවසේ ඉඳන් යන යන තැන කචල් දාගන්න, නියෝග දෙන්න මිසක් මිනිස්සුත් එක්ක එකට වැඩකරන්න කිසිම හැකියාවක් නැති චරිතයක් වුණත් සරත් ෆොන්සේකා හිතාගෙන ඉන්නෙ රටේ ජනාධිපතිකම එයාට ලැබිය යුතුමයි කියලා.

කාලෙන් කාලෙට ඔය ලෙඩේ උත්සන්න වෙන නිසාම එයා නොයේකුත් ප්‍රශ්න දාගන්නවා. මේ වෙද්දීත් එයා සජබට විරුද්ධව උසාවිත් ගිහින් ඉන්නේ.

කොහොම වුණත් ඔය ප්‍රශ්න ටික විසඳාගන්න සජබ පැත්තෙන් ෆොන්සේකා එක්ක සාම සාකච්ඡාවකට ගිය ජ්‍යේෂ්ඨයෙකුටත් එයා කියලා තියෙන්නේ සමාදාන වෙන්න නම් ජනාධිපති අපේක්ෂකම තමුන්ට ඕනෙමයි කියලා ලු. සාම සාකච්ඡාව එතනින්ම ඉවර වෙලා කියලා ආරංචියි.

මේ දවස්වල ෆොන්සේකාගෙ දේශපාලන උපදේශකයා වෙලා ඉන්නෙ ළඟදී මන්ත්‍රීකම නැතිවුණු ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනක ද සිල්වා ලු. ඒ පැත්තෙන් එන ආරංචි අනුව නම් ෆොන්සේකා ළඟදීම සමගි ජන බලවේගයෙන් එළියට බැහැලා පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න සූදානමින් ලු ඉන්නෙ.

ජනාධිපතිකම කෙසේවෙතත් ෆොන්සේකාට ලබන පාර පාර්ලිමේන්තු එන්නවත් පුළුවන්කමක් ලැබෙයිද කියන ප්‍රශ්නය තමයි දැන් තියෙන්නේ කියලාත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙලා තියෙනවා. බලන් ඉන්නයි තියෙන්නේ ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...