ඔලිම්පික් මාධ්‍ය කළමණාකරු රටින් යන්න හදද්දී අත් අඩංගුවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මැයි 28, කොළඹ (LNW): ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අලෙවි සහ මාධ්‍ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත. පවතින විදෙස් ගමන් තහනම නොතකා රටින් පලා යාමට උත්සාහ කිරීමේදී අත් අඩංගුවට පත් වූ බව වාර්තාවන අතර එය එසේනම් අධිකරණ තීන්දුව නොතකා ඊට එරෙහිවීමක් ලෙස පෙන්වා දී ඇත.එයින් අධිකරණයට අගෞරව කිරිමක් සහ අපහාස කිරීමක් මෙන්ම ඇප කොන්දේසි උල්ලංඝණය කිරීමක් ද සිඳුවන බැවින්,බරපතල ප්‍රතිවිපාක අත් විඳිය හැකි ක්‍රියාවක් බව නීති අංශ පෙන්වා දෙයි.


මේ වන විට අධිකරණය විසින් ගෝපිනාත්ව එළැඹෙන පස් වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත. ගෝබිනාත් සිවරාජා යනු දැනට විමර්ශනය කෙරෙන වංචා නඩුවකට සම්බන්ධව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්සවෙල් ද සිල්වා මූලික කර ගෙන එහි සිටින තවත් පිරිසකට ද අදාළ වන ලෙස පැන වූ නඩුවක සැකකරුවෙක්ය.මේ හේතුව නිසා විදෙස් ගමන් වාරණයක් තිබියදී තවත් අයෙකු සමඟ ඔහු විදෙස්ගත වීමට උත්සාහ කරද්දී මෙම අත් අඩංගුවට ගැනීම සිඳු කර ඇත.


කොළ කැබලිවලට සීමා වූ ක්‍රීඩාවන් ජාත්‍යන්තර ආධාර ගෙන දේශිය වශයෙන් ස්ථාපිත කරන බව සහ කර ඇති බව පෙන්වා මූල්‍ය වංචාවල යෙදුණ බවට ද පරීක්ෂණ සිඳු කරමින් පවතින අතර,ඒ ඇතැම් ක්‍රීඩා හඳුනාගෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබියදීත් අරමුදල් රැස් කිරීමේ යෙදී සිටින බවටද ඇතැම් හූ චෝදනා කරති.කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මේ ආකාරයට වින්ටර් ස්පෝර්ට්ස් (හිම ක්‍රීඩා) සඳහා ද ක්‍රීඩා සංගමයක් තිබෙන බව තහවුරු වී ඇත.එහිද යම් වගකීමක් ගෝබිනාත්ට පැවරී තිබෙන බව ද වාර්තා වේ.


ජාතික ඔලිම්පික් කමිටුවේ වැටුප් ලබන සේවකයෙක් ලෙස ක්‍රීඩා සංගම් ගණනක තනතුරු දැරිය හැකිද යන්න පිළිබඳවද ක්‍රිඩා අමාත්‍යංශය පැත්තෙන් කරුණු විමසා බැලීමක් කළ යුතු බව ගෝපිනාත්ගේ සිදුවීමත් සමඟ කතා බහට ලක් වී ඇත.එසේම සංගම් ගණනාවක විවිධ තනතුරු එක් අයෙකුට දැරිය හැකි ද යන්නත්, අප මීට පෙර ද ඇතැම් උදාහරණ සමඟ සාකච්ඡාවට ගෙන තිබේ.එහෙත් ඒ තත්ත්වය ද තවමත් විසඳී නැති අතර එසේ ක්‍රීඩාවක ප්‍රගතිය වෙනුවෙන් වැදගත් මැදිහත්වීමක් කරන්නට ර්‍කඩා කිහිපයකට සම්බන්ධ අයෙකුට හැකි ද යන්න කල්පනාවට ගත යුතුය.


දොඩම් ගොඩ බදා ගත් ආකාරයට ක්‍රීඩා සම්මේලන කිහිපයක තනතුරු බදා ගැනීම ඇත්තටම හිරිකිත දැනෙන සදාචාරසම්පන්න නොවන ක්‍රියාවලියක් බව අප මීට පෙර ද පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...