න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සහ උස්බෙකිස්තානය ගිවිසුම්ගත වෙයි !

0
400
Russian President Vladimir Putin and Uzbek President Shavkat Mirziyoyev visit the New Uzbekistan park in Tashkent, Uzbekistan May 26, 2024. Sputnik/Mikhail Metzel/Pool via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් උස්බෙකිස්තාන් නායක ෂව්කට් මිර්සියෝයෙව් සමඟ උස්බෙකිස්තානයේ අගනුවරදී සාකච්ඡා පවත්වා තිබෙන බව Tashkent Times වාර්තා කරයි.

එහිදී උස්බෙකිස්තානයේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සහ උස්බෙකිස්තානය ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ. උස්බෙකිස්තානයට විශාල යුරේනියම් සංචිත ඇති නිසා මෙම ව්‍යාපෘතිය ඵලදායී වනු ඇති බව රුසියානු නායකයා සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

මෙම න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම ක්‍රියාවට නැංවුවහොත්, එය මධ්‍යම ආසියාවේ ප්‍රථම බලාගාරය බවට පත්වනු ඇති අතර, කලාපය තුළ රුසියාවේ බලපෑම තවදුරටත් වැඩි කරනු ඇත. රුසියානු රජය සතු බලශක්ති සංස්ථාවවන Rosatom උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 330 ක සම්පූර්ණ ධාරිතාවයකින් යුත් ප්‍රතික්‍රියාකාරක හයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

රුසියානු මාධ්‍යවලට අනුව, දෙරට මීට පෙර ගිගාවොට් 2.4 ක විශාල ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැන සාකච්ඡා පවත්වා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.