*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

තියෙනවා නම් තියෙන්නේ නායකයින් අතර විවාදය පමණයි.විහිළු සපයන්න අපිට වෙලාවක් නෑ – NPP අවසන් තීන්දුව මෙන්න!

කොළඹ LNW: පැවැත්වෙනවා නම් විවාදයක් පැවැත්වෙන්නේ පක්ෂ නායකයින් දෙදෙනා අතර ජුනි 06 වැනිදා බව ජාතික ජන බලවේගය වෙනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

සමඟි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස,නලින් බණ්ඩාර ඇතුළු කණ්ඩායමට තමන් පවසන්නේ ඔවුන්ට දේශපාලනය විහිළුවක් වුණාට ජාතික ජන බලවේගයට එය විහිළුවක් නොවන බව යැයි ජයතිස්ස මහතා කියාසිටියි.

ඔව්‍ය්න් රටට විහිළුකාරයින් වූවාට ජාතික ජන බලවේගයේ කිසිවෙක් රටට විහිළු සපයා නැති බවයි තවදුරටත් ඔහු අවධාරණය කරන්නේ.

සජිත් ප්‍රේමදාස තමන්ට හැකි බව පවසා තිබෙන දිනයන්වලින් ජුනි 06 වැනි දිනයට ජාතික ජන බලවේගය එකඟ වී තිබෙන හෙයින් එදිනට නායකයින් දෙදෙනාගේ විවාදය පැවැත්විය හැකි බවයි ජයතිස්ස මහතා පවසන්නේ.

ඒ අනුව පවත්වන්නේ නම් විවාදයක් ජුනි 06 පැවැත්විය හැකි හෙයින් එය සිදුනොවන්නේ නම් එතනින් එහාට ඒ ගැන කතා කිරීමට සූදානම් නොවන ලෙසයි ලෙසද ඔහු පවසයි.

”මොකද මේ විකාර සහගත දේශපාලනයට ඇදවැටෙන්න අපි සූදානම් නැහැ. අනිත් එක මේ විවාදය පක්ෂ නායකයින් දෙදෙනා අතර පවත්වන්න ඕනේ කියල අපි කියන්නේ කාරණා කිහියක් මත. පළමුවැන්න,එළඹෙන්නේ ජනාධිපතිවරණයක්. ජුනි මාසේ 20 වැනිදායින් පස්සේ මැතිවරණ කොමිසමට බලය යනවා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරන්න. ඒ නිසා ඉතාම සීමිත කාලයක් තියෙන්නේ ජනාධිපතිවරණයට. ලෝකයේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ජනාධිපතිවරණයක් ආසන්න වෙනකොට ප්‍රධාන අපේක්ෂයින් අතර විවාද පවත්වනවා මිසක් වෙන වෙන විවාද ප්‍රමුඛතාවක් ගන්නේ නෑ.ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පවත්වන්න නියමිතයි. ඒ අනුව තමයි බයිඩන් සහ ට්‍රම්ප් අතර විවාදයට දින නියමවෙලා තියෙන්නේ. ජුනි 27 එක විවාදයක් තියෙනවා සැප්තැම්බර් 10 තව විවාදයක් තියෙනවා. ට්‍රම්ප් කියන්නෙත් නෑ බයිඩන් කියන්නෙත් නෑ තමන්ගේ විවාදයට කලින් වෙන විවාද කරන්න ඕනේ කියල. ජනාධිපතිවරණයක් නම් එන්නේ ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති දැනගන්න එක තමයි ජනතාවට වැදගත් වෙන්නේ.”

දෙවෙනි කාරණය ලෙස නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ සමඟි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස පවතින බ්ලූ ප්‍රින්ට් හිද අභ්‍යන්තර පරස්පරතාවන් පවතින බවයි.

ඔවුන්ගේ ආර්ථික කමිටුව අතරද ඒ සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බවක් පෙනෙන්නට තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව කළයුත්තේ ආර්ථික ප්‍රතිපත්ති හදන අය එකතැනකට පැමිණ වාද විවාද කර එකඟතාවකට පැමිණ ඒ ගැන සජිත් ප්‍රේමදාසව දැනුවත් කිරීම බව නලින්ද ජයතිස්ස මහතා කියාසිටියි.

කෙසේවෙතත් පැවැත්වෙනවා නම් පැවැත්වෙන්නේ නායකයින් අතර විවාදය පමණක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan