න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සහ උස්බෙකිස්තානය ගිවිසුම්ගත වෙයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් උස්බෙකිස්තාන් නායක ෂව්කට් මිර්සියෝයෙව් සමඟ උස්බෙකිස්තානයේ අගනුවරදී සාකච්ඡා පවත්වා තිබෙන බව Tashkent Times වාර්තා කරයි.

එහිදී උස්බෙකිස්තානයේ කුඩා න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සහ උස්බෙකිස්තානය ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ. උස්බෙකිස්තානයට විශාල යුරේනියම් සංචිත ඇති නිසා මෙම ව්‍යාපෘතිය ඵලදායී වනු ඇති බව රුසියානු නායකයා සඳහන් කර ඇති බව එම මාධ්‍ය වාර්තා කරයි.

මෙම න්‍යෂ්ටික බලශක්ති ගිවිසුම ක්‍රියාවට නැංවුවහොත්, එය මධ්‍යම ආසියාවේ ප්‍රථම බලාගාරය බවට පත්වනු ඇති අතර, කලාපය තුළ රුසියාවේ බලපෑම තවදුරටත් වැඩි කරනු ඇත. රුසියානු රජය සතු බලශක්ති සංස්ථාවවන Rosatom උපුටා දක්වමින් රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 330 ක සම්පූර්ණ ධාරිතාවයකින් යුත් ප්‍රතික්‍රියාකාරක හයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි.

රුසියානු මාධ්‍යවලට අනුව, දෙරට මීට පෙර ගිගාවොට් 2.4 ක විශාල ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම ගැන සාකච්ඡා පවත්වා තිබෙන බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...