මායා පාසලෙන් මැජික් උගන්නට යන නවතම “හැරී පොටර්” කාස්ට් එක එළි දක්වයි!

Date:

සටහන – පුලී
මැයි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඔන්න! අපේ කුඩා කාලය රසවත් කල HBO හි හැරී පොටර් කතා මාලාව නවමු සුසංයෝගයකින් ප්‍රේක්ෂකයන් අතරට දායාද කිරීමට කළ තිර පරීක්ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස එහි චරිතාංග වන Harry, Ron සහ Hermione ගේ චරිතයන්ට පණ පොවන්න නව මුහුණු කිහිපයක් තෝරා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙහි දී ඩොමිනික් මැක්ලොෆ්ලින් විසින් එහි ප්‍රධාන චරිතය වන Harry Potter චරිතය රඟපානු ඇත, ඇරබෙල්ලා ස්ටැන්ටන් Hermione Granger ලෙසත්, ඇලස්ටෙයාර් ස්ටවුට් Ron Weasley ලෙසත් චරිත නිරූපණයෙන් දායක වනු ඇත.

පසුගිය සරත් සෘතුවේ දී HBO විසින් විවෘත නළු නිළියන් කැඳවීමක් දියත් කළ දා සිට ප්‍රධාන චරිත සඳහා නළු නිළියන් 30,000 කට වැඩි පිරිසක් තිර පරීක්ෂණයට ලක් කරන ලදී.

ලුසි බෙවන් සහ එමිලි බ්‍රොක්මන් විසින් මෙහෙයවන ලද සෙවීමකින් අනතුරුව අපගේ හැරී, හර්මයිනි සහ රොන් අපට හමු වූ බව නිවේදනය කිරීමට අපි සතුටු වෙමු” යි මෙහිදී ප්‍රකාශ කෙරිණි. මෙම අද්විතීය නළු නිළියන් තිදෙනාගේ දක්ෂතා දැකීමට නොයිවසිල්ලෙන් ලෝකයා බලා සිටින අතර, තිර පරීක්ෂණයට සහභාගී වූ දස දහස් සංඛ්‍යාත දරුවන්ට ද ඔවුන් එහිදී ස්තූතිවන්ත විය.

තරුණ දක්ෂතා රාශියක් සොයා ගැනීමට ලැබීම සැබෑ සතුටක්, ”ප්‍රදර්ශන නිවේදිකා ෆ්‍රැන්චෙස්කා ගාඩිනර් සහ විධායක නිෂ්පාදක සහ අධ්‍යක්ෂ මාර්ක් මයිලොඩ් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...