විදුලි බිලේ බරත් හෙට අනිද්දම ජනතාවගේ පසුම්බියටම?

Date:

මේ මොහොතේ මාසික විදුලි ගාස්තුවද වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසයි.

එසේ ගාස්තු වැඩි කිරීමකින් තොරව මෙම සේවාව පවත්වාගෙන යා නොහැකි බවයි සභාපතිවරයා පෙන්වාදෙන්නේ.

”විදුලි බිල කියන එක මේ මොහොතේ ඇත්තටම වැඩිකරන්න ඕනේ. මොකද දැන් කවුරු හරි තේ කඩයක් ගෙන ඉන්නවා නම් එයා රු.30කට නිෂ්පාදනය කරලා 20කට ඒක විකුණනවා නම් ඒ තේ කඩේ පැවැත්මක් වෙන්නේ නැහැ. අපෙත් වෙලා තියෙන්නේ ඒක තමයි. මේ දවස්වල අපි තෙල් වලින් නිෂ්පාදනය කරනවා නම් ඒකකයක් සාමාන්‍යයෙන් රු.80ක් සමහර ඒවා 100ක් 120ක් වෙන ඒවත් තියෙනවා. කෝල්වලින් නිෂ්පාදනය කරනවා නම් මේ දවස්වල කෝල් ප්‍රයිස් එකත් එක්ක ගත්තම රු.40ක් 45ක් විතර වෙනවා. හැබැයි අපි මේ යුනිට් එකක් විකුණන්නේ රු.16ක් 17 වගේ. එතකොට අපිට කවදාවත් මේ බිස්නස් එක කරගෙන යන්න බැහැ. ඒක නිසා පාඩුව අවසානයේ දරන්න වෙන්නේ ජනතාවටම තමයි. කවුරුහරි විදුලිය වැඩිපුර පාවිච්චි කරනවා නම් එයාගෙන් වැඩිපුර අයකරන්නම ඕනේ. ඒ සඳහා මේ විදුලි බිල කියන එක වැඩි කරන්න මේ මොහොතේ අවශ්‍යතාවක් තිබෙනවා.”

මේ අතර විදුලි බිල තුන්ගුණයකින් හෝ සිව් ගුණයකින් වැඩි විය හැකි බවට විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මාතාද පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...