මැතිවරණ නොතියා ඉදිරියට යන්න අපි ඉඩ දෙන්නේ නෑ – සුමන්තිරන්

Date:

කොළඹ LNW:මැතිවරණ කල්දමමින් ඉදිරියට යාමට උත්සහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් වන අතර එවැනි දෙයකට ඉඩ නොදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා අවධාරණය කරයි.

දැනටමත් පළාත් සභා ජන්දය වසර පහක පමණ කාලයක් තිස්සේ කල් දමමින් තිබෙන අතර පළාත් පාලන ආයතන මැතිවරණයද මුදල නොමැති බවට බොරු හේතු ඉදිරිපත් කරමින් කල්දමා තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”දැන් ජනාධිපතිවරණයත් කල්දාලා එන වර්ෂයේ තියන්න යන මහමැතිවරණයත් කල්දාලා රට ගෙනියන්න උත්සහ කරනවා පේනවා. අපි දැඩි විරෝධය ප්‍රකාශ කරනව මේකට. කවදාවත් මේකට අපි ඉඩ දෙන්නේ නෑ. අවුරුදු දෙකකට කලින් අරගලය සමයේදී අපි කිව්වා පාර්ලිමේන්තුව විසුරුවන්න කියල. දැන් පාර්ලිමේන්තුවටත් ජන වරමක් නැති වෙලා තියෙන්නේ. මොකද හිටපු අගමැතිතුමාත් ඉල්ලා අස්වුණා. ජනාධිපතිතුමාත් ඉල්ලා අස්වුණා. ඒ වෙලවේ තමයි නැවත ජනතාව ඉස්සරහට යන්න කිව්වේ. එහෙම නොකර ජන වරමක් නැතිව තිබුණ එකම මන්ත්‍රී ධූරයක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේ. එයා තාම විධායක ධූරයේ ඉන්නවා. එයාගේ කාලය දීර්ඝ කරගන්න තමයි මේ උත්සාහය ගන්නේ. මෙහෙම ගියොත් තව අරගලයක් පටන් ගන්න තමයි වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම අහෝසි කරන්නට මේ රටේ ජනතාව කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියන පණිවිඩය මම දෙන්න කැමතියි.” යනුවෙන් සුමන්තිරන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...