*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ජනාධිපතිට තව කාලයක් ඉන්න ඕනේ නම් පාර්ලිමේන්තුවේ කැමැත්තත් මහජන කැමැත්තත් අනිවාර්යයෙන් ගන්න වෙනවා – සාලිය පීරිස්

කොළඹ LNW:ජනාධිපතිගේ ධූර කාලය දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියත්, ජනමත විචාරණයකුත් යන දෙකම අවශ්‍ය බව නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ජනාධිපතිවරණය තවත් වසර දෙකකින් කල් දැමීම සදහා වූ යෝජනාවක් ඊයේ දිනයේ දී එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබුණු
නමුත් ජනාධිපතිවරණය කල් දැමීමේ අදහසක් කිසිසේත්ම නැති බව මේ වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් තහවුරු කර තිබේ.

මැතිවරණ කල්දැමීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂ,විපක්ෂ සියලු දෙනාගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර එවැනි දෙයකට අරඅදින්නේ නම් නැවත අරගලයක් වුවද මතුවිය හැකි බවටයි බොහෝ දෙනා අඟවමින් සිටින්නේ.

කෙසේවෙතත් යම් ලෙසකින් ජනාධිපතිවරණය කල් දැමීමට අවශ්‍ය වන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්තකුත් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පවත්වා ඊට බහුතර මහජන කැමැත්තත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි සාලිය පීරිස් මහතා පෙන්වා දෙන්නේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan