*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මැතිවරණ අස්සේ අධිවේගී මාර්ග ටෙන්ඩරත් හොර පාරේ- ඡන්ද කල්දාන කතාවට දසතින් විරෝධය – විමල් – උදය – දිලිත් සන්ධානය මහා මැතිවරණයකටද ? හැමෝම බය පනත – පොහොට්ටුව මැතිවරණ සටන අරඹයි -වැටුප් කමිටුව මේ පාරත් නායිද ?   සරත් අමුණුගමට දිලිත් එපා වෙයි 

  • මැතිවරණ අස්සේ අධිවේගී මාර්ග ටෙන්ඩරත් හොර පාරේ
  • ඡන්ද කල්දාන කතාවට දසතින් විරෝධය
  • විමල් – උදය – දිලිත් සන්ධානය මහා මැතිවරණයකටද ?
  • හැමෝම බය පනත – පොහොට්ටුව මැතිවරණ සටන අරඹයි
  • වැටුප් කමිටුව මේ පාරත් නායිද ?  
  • සරත් අමුණුගමට දිලිත් එපා වෙයි 

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

තවත් අවුරුදු දෙකකට මැතිවරණය කල් දමමින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සිදු කල ප්‍රකාශයට මේ වන විට මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දෙනා විරෝධය පල කර තිබේ.

රංගේ  බණ්ඩාර පවසන ආකාරයට පාර්ලිමේන්තුවේ නියෝජිතයෙන් 225 දෙනා තේරී පත් වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක නිසා එයින්  ජනතාවගේ මතය නියෝජනය වෙන බවද වඩා ප්‍රායෝගික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට එම ක්‍රියාවලිය කළ යුතු බවද  මැතිවරණ සිතියම අකුලනවා වැනි කතා නොකියා එම කටයුත්ත සඳහා සහයෝගය ලබාදෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද සඳහන් කර ඇත.

රටේ ආර්ථිකය දැන් යම් තැනකට ගෙනමින් තිබෙන අතර රට ගොඩ නැගීමට නම් කාලය කා නොදමා වත්මන් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයා යුතුව ඇතැයිද දැන් කළ යුතු වන්නේ මැතිවරණයක් පැවැත්වීම නොව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක  මැදිහත් වී තවත් අවුරුදු දෙකක  කාලකයට  ජනාධිපතිවරයාගේ පාලන කාලය දීර්ඝ කළ යුතු බවට ප්‍රකාශයක් කිරීම යැයිද  රංගෙ බණ්ඩාර   පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් එකතු වී එම තීරණය ගත යුතු බවද සඳහන් කර ඇත.
එක්සත් ජාතික පක්ෂය යනු වසර ගණනාවක් රට පාලනය කල පක්ෂයකි. එවැනි ප්‍රධන දේශපාලන පක්ෂයක මහලේකම් ධුරය දරමින් සිදු කරන මෙවැනි ප්‍රකාශ වලින් සිදුවන්නේ පක්ෂයත්   ජනාධිපතිවරයාත්  ඉදිරියේ අපහසුවට පත්වීම මිස වෙනකක් නොවේ. රංගේ බණ්ඩාර මහා ලේකම්වරයා ලෙස දැන්  කල යුතුව ඇත්තේ රට වටා ගොස් පක්ෂය ශක්තිමත් කර  ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් කිරීම මිස මෙවැනි කතා කීම නොවේ.

මෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදු ජන පෙරමුණේ නාමල් රාජපක්ෂත් , ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් මේ වන විටත් ඊට විරෝධය පල කර තිබේ. සමහරුන් මෙය විහිළුවක් ලෙස ගත්තද මෙවැනි අවස්ථාවක මේ අන්දමේ වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම බරපතලය.

ජනාධිපතිවරණය මුලින් පැවැත්වෙන බව මේ වන විට රජය පැත්තෙන් ප්‍රකාශවී තිබේ. එහෙත් ඇතැමුන් පවසන්නේ ජුලි 15 වන තුරු අවශ්‍යනම් මහා මැතිවරණය පැවැත්වීමේ අවස්ථාවද  ඇති බව මැතිවරණ කොමිසම පවසයි. කෙසේවෙතත් පාර්ලිමේන්තු මැතිවරණයකට මේ අවස්ථාවේ ගියහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ බහුතරයක් පරාජයට පත්වීමට ඉඩ ඇති බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.
එම නිසා ජනාධිපතිවරණය මුලින් පවත්වා ජයග්‍රාහකයාගේ පක්ෂය සමග සම්බන්ධවීම මේ නිසා බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වී තිබේ. මේ අතරේ පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදෙන බවට නිලනොවන මට්ටමින් ප්‍රකාශ  ඇති පිරිසද මහා මැතිවරණයට විරුද්ධය.

විමල් – උදය – දිලිත් සන්ධානය මහා මැතිවරණයකටද ?

මේ අතර විමල් වීරවංශ ,උදය ගම්මන්පිල හා දිලිත් ජයවීර ඇතුළු පක්ෂ කීපයක් එක්ව දේශපාලන පක්‍ෂ කිහිපයක එකතුවෙන් නව සන්ධානයක් පිහිටුවා ඇති අතර විවේචන වෙනුවට විසඳුම්ද පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන අරමුණු මූලික කරගෙන ‘සර්වජන බලය’ නමින් මෙම නව දේශපාලන සන්ධානය පිහිටුවා ඇත.
පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ,  ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වෛද්‍ය ජී විරසිංහ, යුතුකම ජාතික සංවිධානය ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂ නායක දිලිත් ජයවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන  මෙම සන්ධානයේ සම්මුතිය සඳහා අත්සන් තබා ඇත.
ඇතැම්විට හදිසි මහා මැතිවරණයක් පැවැත්වුවහොත් මේ පිරිසේ වැඩිදෙනෙකුට ප්‍රධාන පක්ෂවලින් නාමයෝජනා ලබාගැනීම දුෂ්කර බැවින් මෙවැනි සන්ධානයක් කඩිමුඩියේ පිහිටුවා ගැනීමට හේතුව ලෙස ඇතැමුන් පවසති.

සරත් අමුණුගමට දිලිත් එපා වෙයි 

කෙසේවෙතත් නව සන්ධානය පිහිටුවා ගැනීමත් සමගම  හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ,  දිලිත් ජයවීර  නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ  සභාපති ධූරයෙන්  ඉල්ලා අස්විය.ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය එදිනම දිලිත් ජයවීර ට යවා ඇත.
කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුවක් ඔහු එම ලිපියේ සඳහන් කරනොමැත.
දිලිත් ජයවීර ගේ දේශපාලන කටයුතු වලට එම ලිපියෙන් ඔහු සුබ පතා ඇතැයිද දැනගන්නට ඇත.
ආචාර්ය සරත් අමුණුගම   ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල , පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු  පිරිසක් සමග සන්ධාන ගතවීමේ  පැවැති උත්සවයට ද සහභාගී නොවීම විශේෂත්වයක් විය.කෙසේ වෙතත් එම උත්සවයට ඔහුගේ දියණිය වරුණි අමුණුගම   සහභාගි වූවාය.
මේ අතර සරත් අමුණුගම , විමල් වීරවංශ  ඇතුළු පිරිස සමග සන්ධානගතවීම සම්බන්ධයෙන්  මනාපයක් නොදක්වන බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.

සජබ ගම්පහ නායකත්වයට පොරයක්            

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායකත්වය සම්බන්ධයෙන් ගැටළු මතුවී තිබේ. සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් ඉවත්ව යන තත්වයක් තුල    අජිත් මාන්නප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨයන් සිටියදී ගම්පහ නායකත්වයට හර්ෂණ රාජකරුණා පත්කරන්නට යන බවට ගම්පහ සෙසු ආසන සංවිධායක වරු පවසති. පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් මේ සම්බන්ධයෙන් පසුගියදා ගම්පහ ප්‍රදේශයේදී එක්ව සාකච්ඡාවක්ද පවත්වා තිබේ.

මැතිවරණ අස්සේ අධිවේගී මාර්ග මුදල් එකතුකිරීමත් හොරෙන්ම දෙන්න යනවාලු

මැතිවරණ අස්සේ ඇතැමුන් දුෂණ වංචා හොර රහසේ ජයටම කර ගෙන යන බව පෙනෙන්නට තිබේ. අධිවේගී මාර්ග වල මුදල් එකතු කරන්නට සමාගමකට ලබාදීම සඳහා එක්තරා පිරිසක් කටයුතු කරගෙන යන බව පැවසේ.
මේ සඳහා කොන්ත්‍රාත්තුව ලබාදීමට කලින්ම සමාගමක් තෝරාගෙන ඇති බව පැවසේ. ආයුධ වෙළඳාම සම්බන්ධයෙන් නම් දැරූ කොළඹ යුනියන් පෙදෙසේ ඇති මෙම සමාගම   සඳහා අදාල ආයතනය පාර්ශවයේ ඉහලම නිලධාරියෙකු කටයුතු කරමින් සිටී. ඒ සඳහා අනෙකුත් සමාගම් වලට තරග කල නොහැකි ලෙස ඉක්මනින් අදාළ ටෙන්ඩරය අවසන් කරන්නට අදාල ඉහල නිලධාරියා කටයුතු කරමින් සිටී. රජයට අයත් පුද්ගලික ආයතනයක දුෂණ චෝදනා මත ඉවත් කල මේ නිලධාරියා මේ වන විට රටේ ඉඅහලම තනතුරක් දරමින් සිටින අතර දුෂණ සඳහා කප් ගැසුවෙකි.

රනිල්ට සහය දෙන්න ප්‍රසන්න සංවිධානය කල පාටියේ රණ්ඩුවක් 
පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇත.

මේ හමුව පවත්වා ඇත්තේ   අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මුලිකත්වයෙනි.  ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව පැවති සාදය අතරතුර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්තේ අතර උණුසුම් කතාබහක් ද නිර්මාණය වී ඇති අතර ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර එක්ව ඇති වීමට ගිය ගැටුම වලක්වා ගෙන ඇත.

මහින්ද පොහොට්ටු සංවිධායකවරු ගමට යවයි 

කොළඹ ඉඳන් දවස පුරා අපේක්ෂකයන් ගැන කතාකරමින් කාලය කා දැමීම නවතා ගමට ගිහින් ඡන්ද එකතු කර ගැනීම සඳහා කැපවී වැඩරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සහ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ යන එම පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී ඇත.
‘නිකම් බොරුවට අපේක්ෂකයන් පස්සේ දුවන්නේ නැතුව වැඩ කරන්න’ යැයිද දෙදෙනා එහිදී පවසා ඇත.
දෙදෙනා මෙසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය සතියේදී තමන් හමු වූ අවස්ථාවේදීය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග  ගේ සුහද හමුවෙන්   අනතුරුව මෙම මන්ත්‍රී කණ්ඩායම මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ හමුවී ඇත.  
එම දෙදෙනා හමු වී ඇති මන්ත්‍රී කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂය සහාය දෙන්නේ කාටදැයි විමසා ඇති බව දැනගන්නට ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ එය පක්ෂයේ සියලු දෙනා සාමූහිකව රැස්වී ගත යුතු තීරණයක් බවයි.
පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේදී කාටත් එකඟ විය හැකි පොදු තීරණයක් ගනු ඇතැයි ද දෙදෙනා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික පරිවර්තන පනත ඉතා භයානකයි

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත ඉතා භයානක ප්‍රතිඵල ගෙන දෙන පනතක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි. 

මේ වන විට පවතින්නේ ජනවරමක් රහිත පාර්ලිමේන්තුවක් බැවින් එමගින් මෙවැනි පනතක් සම්මත කර ගැනීම ඉතා භයානක බවද මහාචාර්යවරයා කීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ රජය ලාභ ලබන ආයතන ලහි ලහියේ විකුණා දැමීමට අවශ්‍යය පිඹුරුපත් කඩිනමින් සකස් කරන බව දැනගන්නට ලැබී ඇති බවය

ජනතා ගැටලු විසඳීම සඳහා අභිනව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය  වර්තමාන සමාජය තුළින් පිළිබිඹු වන බව කී මහාචාර්යවරයා  තරුණ පරපුර ඇමතීම සියලු පක්ෂ නායකයින්ගේ යුතුකම බවත් අනාගතයේ ජීවනාලිය  ඔවුන් බවඅමතක නොකළ යුතු යයිද සඳහන් කළේය
වත්මන් ආණ්ඩුව  මැතිවරණවලට දක්වන බිය සුළු බව හේතුවෙන් මුදල් නොමැති යැයි පවසා මැතිවරණ කල් දැමීමට අර  අඳිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඒ සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවද පැවසීය
මේ අතර ආර්ථික පරිවර්තන පනතට එරෙහිව පක්ෂ හා සංවිධාන ගණනාවක් අධිකරණයට යාමටද නියමිතය.

පොහොට්ටුව මැතිවරණ සටන අරඹයි 

“සටන අරඹමු රජරටින්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා  තලාව නගරයේදී  පැවැත්විණි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් දිස්ත්‍රික්කයේ ජනතාව දොළොස් දහසක් පමණ පැමිණ සිටි බව ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පවසයි.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. ඩී. වීරසිංහ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ජෝන්ස්ටන් ප්‍රනාන්දු,එස් එම් චන්ද්‍රසේන, එස් සී මුතුකුමාරණ, ගමගේ වීරසේන, කලාව ආසන සංවිධායක හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් ,හිටපු පළාත් සභා සභාපති ටී.එම්.ආර්. සිරිපාල යන මහජන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මංගල ආසන සමුළුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම අනෙකුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහභාගි වී සිටියදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැමිණ සිටියේ නැත.

වැඩ වර්ජන නවත්වන්න වැටුප් කමිටුවක් 

රටේ සෑම තැනකම වැඩි වැටුප් ඉල්ලා වැඩවර්ජනය. එක කොටසකට දුන්නොත් තවත් බොහෝ දෙනෙක් වර්ජන කරති. මේ අතරේ ඉහලම වැටුප් ලබන පිරිස්ද තවත් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජන වලය.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

රාජ්‍ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය මගින්  එම  විෂමතා නිවැරදි කිරීමට හැකිවන පරිදි වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

මේ කමිටු වලට පත් කරන පුද්ගලයන් ප්‍රායෝගික   මිනිසුන් විය යුතුය. මෙතෙක් කල් මේ කමිටු සඳහා පත් කරන ලද පිරිස් තමතමන් ගේ කණ්ඩායම් වලට වැටුප් වැඩි කර ගත්හ.
මේ වැටුප් කමිටු අවධානය ලක් කල යුතු ප්‍රධානතම කාරණය විය යුත්තේ   ඒ ඒ පිරිස් විසින් වසරක් කාලයක් තුල ලබා ගන්නා වැටුප් හා දීමනා වල එකතුවය.
මේ වන විට ඇතැම් ක්ෂේත්‍රවල සේවකයන් ලබන්නේ ඉතාම පහල වටුප්ය. ජීවත්වන්නට සරිලන වැටුපක් ලබා නොදී යහපත් සේවාවක් හෝ වංචා දුෂණ වැළක්විය නොහැක. එම නිසා රජය මුලින්ම කලයුත්තේ සාධාරණ වැටුපක් පහලම මට්ටමේ වැටුප් ලබන පිරිස් වෙත ලබාදීමය.
සියලුම රජයේ හා අර්ධ රාජ්‍ය  ආයතනවල   කම්කරු , ලිපිකරු , සංවර්ධන නිලධාරී, ඉංජිනේරු ආදී ශ්‍රේණිවල සමාන්තර වැටුප් තිබිය යුතුය. එවිට විවිධ ආයතනවලට සේවකයන් පිරවීම සිදු නොවේ. අඩුම තරමින් මේ ආයතන සඳහා අලුතින් බඳවා ගැනීමේදී හෝ මේවා ක්‍රියාත්මක කළයුතුව තිබේ.

තවමත් විසඳුමක් නැති  වීසා මගඩිය 

වීසා මගඩියට තවමත් අවසන් විසඳුමක් නොමැත.ඔන්ලයින් වීසා සඳහා පහසුකම් ලබාදීම වෙනුවෙන් ලොව කිසිදු රටක් ඩොලර් එකකට වඩා ගෙවන්නේ නැත. එහෙත් අපේ රටේ එමෙන් විසිපස් ගුණයක් ගෙවනු ලබයි.
විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ සාකච්ඡාව යළිත් කල් දැමීමට සිදුව ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පවසයි.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  සඳහන් කළේ අදාළ සාකච්ඡාව මේ සතියේ  පැවැත්වීමට සැලසුම් කර තිබූ බවය.කෙසේවෙතත් එදිනට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහභාගී විය නොහැකි බවට දැනුම් දී තිබේ.

පළමු අවස්ථාවේ එම සාකච්ඡාව සඳහා අදාළ නිලධාරීන් පැමිණිය ද පසුගිය 14 වන දින පැවති සාකච්ඡාව සඳහා ඔවුන් නොපැමිණී බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහන් කළේය.

මෙම මතභේදාත්මක ඔන්ලයින් වීසා නිකුත් කිරිමේ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර එම තොරතුරු මෙම සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන බව  හර්ෂ ද සිල්වා  සඳහන් කළේය.
අදාළ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ටෙන්ඩරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කැපවී සිටින බවද මන්ත්‍රීවරයා පවසයි. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රටම බලාසිටි තොරතුරු පසුගිය රැස්වීමේදී  මාධ්‍යට ලබානොදීමට කටයුතු කලේද හර්ෂ ද සිල්වාමය. එම තොරතුරු සංවේදී බව පවසමින් එසේ ලබනොදුන්නේ
 මෙරට බදු ගෙවන ජනතාවටය.ජනතා බදුමුදලින් නඩත්තු වන පාර්ලිමේන්තුවේ කටයුතු දැනගැනීම මහජනතාව සතු අයිතියකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan