ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරයි – ශෙහාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 29, කොළඹ (LNW): විවිධ ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් පිළිබිඹු කරමින් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ධනාත්මක ප්‍රතිඵල ලබා දීම ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය 2024 අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා වර්ධනය වී තිබෙන අතර, 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 8% කින් පමණ ශක්තිමත් වී තිබෙන බවද අමාත්‍යවරයා පවසයි .

මෙය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නංවන අතර බාහිරව ඇති වන බලපෑම් කළමනාකරණය කිරීමට හා ණය සේවාකරණයට ඇති හැකියාව පහසු කරයි.

එමෙන්ම ආර්ථිකය කෙරෙහි විශ්වාසය වැඩි කිරීමට ඉවහල් වන අතර , රුපියලේ අගය ඉහළ යාම උද්ධමනය අඩු කිරීමට සහ සමස්ත ජීවන වියදම අඩු කිරීමට සහ විදේශ ණය ගෙවීමට පහසු වන අතර එමඟින් ගෝලීය වශයෙන් අපගේ මූල්‍ය ශක්තිය පිළිබද විශ්වාසය වැඩි කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

තව ද වෙළඳ හිඟය අවම කර ගැනීම මගින් වෙළඳ ශේෂයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හේතුවක් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...