මස්ක් ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීම නිවේදනය කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මැයි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කිරීමේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි ප්‍රකෝටිපති එලෝන් මස්ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 250කට අධික මුදලක් වැයකළ මස්ක් ජනාධිපති ට්‍රම්ප්ගේ අතිශය විශ්වාසවන්ත සමිපතමයකි. ඕනෑම අවස්ථාවක ජනාධිපති ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේම සිටින මස්ක් රජයේ වියදම් අඩුකිරීම වෙනුවෙන් ආරම්භ කළ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වශයෙන් කටයුතු කරයි.

මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ පසුගියදා ඩොලර් ට්‍රිලියන ගණනක බදු සහන සහ ආරක්ෂක වියදම් වැඩි කිරීමේ පොරොන්දුවක් ඇතුලත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන ගණනක බදු කප්පාදුව සහ වියදම් පියවර පනත් කෙටුම්පත සෙනෙට් මණ්ඩලය විසින් සම්මත කිරීමයි.

මේ සම්බන්ධයෙන් එලෝන් මස්ක් සඳහන් කර තිබුණේ, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තමා අතිශය කලකිරීමත පත්ව සිටින බවයි.

මිට අමතරව එක්සත් ජනපද ප්‍රවෘත්ති ආයතනයක් වන පොලිටිකෝ වාර්තා කළේ, මස්ක් ධවල මන්දිර නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ ගැටීමක් ඇතිකර ගැනීම හේතුවෙන් අප්‍රේල් මස මුල් සතියෙම ඔහුගේ ඉවත් කිරීම් සම්බන්ධයෙන් සාකච්ජා වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...