ඩෙංගු අධිවසංගත මඩින්න ග්‍රාමීය ඩෙංගු කමිටු පිහිටුවීමේ සැලසුම්!

Date:

කොළඹ LNW:ඉදිරියේදී සිදුවිය හැකි ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ ග්‍රාමීය ඩෙංගු කමිටු බලාත්මක කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පවසයි.

ඉකුත් 2023 සහ 2024 වර්ෂවලට සාපේක්ෂව මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග ව්‍යාප්තියේ මන්දගාමී ස්වාභාවයක් නිරීක්ෂණය වන නමුත් ගතවූ ඉකුත් සතියේදී රෝගීන් හමුවීමේ යම් වර්ධනයක් දැකිය හැකි යැයි වෛද්‍යවරයා කීවේය.

විශේෂඥ වෛද්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, ඩෙංගු හා මී උණ රෝග සම්බන්ධයෙන් මහජනයා විමසිලිමත් විය යුතු යැයි ද එහිදී පැවසුවේය.

ඩෙංගු රෝග වර්ධනයක් පැවතියත් ජාතික මට්ටමින් මහනුවර පවතින්නේ සිව් වන ස්ථානයේ යැයි ද ඒ මහතා කීවේය. මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, මහනුවර මහ නගර සභා සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සෞඛ්‍ය බල ප්‍රදේශවල රෝගීන් වාර්තාවීම බහුලවී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

දැනට එක් ඩෙංගු මරණයක් වාර්තාවී ඇති බව කී ඒ මහතා යටිනුවර කොට්ඨාශයෙන් රෝගීන් 22ක් ද මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 21ක් වාර්තා වී ඇතැයි පැවසුවේය.

මහනුවර ගඟවට කෝරළය ප්‍රාදේශය කොට්ඨාශයෙන් රෝගීන් 15ක් වාර්තා වූ බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන සභිකයන් පත්වූ පසු සෞඛ්‍ය අමාත්‍යංශය, මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පළාත් පාලන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන ඒකාබද්ධව මෙම ග්‍රාමීය ඩෙංගු කමිටු බලාත්මක කරන බවත් ඒ සඳහා රජයේ නිලධාරීන්ගේ හා මහජන නියෝජිතයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන්, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුලු මහජන නියෝජිතයන් හා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...

Tasty Tuesdays: අපේ තාලෙට හැදුණු වන්-පොට් බිරියානි! One-Pot Biryani – A Comforting Feast in a Single Pot

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු...

CAASL හි නව අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කපිතාන් දමින්ද පත්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 09 ,කොළඹ LNW : සිවිල් ගුවන් සේවා...