මැයි 09 කැළඹීම නිසා ජාතික රක්ෂණ භාර අරමුදලට සිදුවූ පාඩුව රු. බිලියනයක්?

Date:

ඉකුත් මැයි 09 වන දින සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජාතික රක්ෂණ භාර අරමුදලට සිදුවූ පාඩුව රුපියල් බිලියනයකට අධික බව ෆිච් රේටිංස් ආයතනය අනාවරණය කරයි.

වත්මන් ජනාධිපතිවරයාට සහ පවතින රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය අසල හා ගෝල්ෆේස් පිටිය තුළ දින ගණනක් පැවැත්වූ සාමකාමී ජන අරගලයට ඉකුත් මැයි 09 වන දින එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ ජනතාව බරපතල නොසන්සුන්තාවයකට පත්වූ අතර, එය කොළඹ පමණක් නොව රට පුරා විවිධ කැලඹීම් දාමයකට මුල පුරනු ලැබීය.

එම කැළඹීමෙන් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්වූ අතර, දෙසීයකට අධික සංඛ්‍යාවක් තුවාල ලැබ රෝහල් ගත කෙරිණි. එමෙන්ම රජයේ මැති ඇමතිවරුන් 78 දෙනෙකු ගේ පමණ හා රජයට හිතවත් පුද්ගලයන් ගේ දේපළ රැසකට ද අලාභ හානි සිදුවී තිබිණි.

ඒ අනුව, වැඩවර්ජන, කැරළි, සිවිල් කැළඹිලි සහ ත්‍රස්තවාදී ක්‍රියා වලට අදාළව ජාතික රක්ෂණ භාර අරමුදල විසින් සපයනු ලබන ආවරණයට (SRCCT) ඉහත සඳහන් පාඩුව විඳ දරා ගැනීමට සිදුව තිබෙන බවත් ප්‍රාථමික රක්ෂණයන්ට මින් දරාගැනීමට සිදුවන පාඩුව අවම බවත් ෆිච් ආයතනය අනාවරණය කරයි.

කෙසේවෙතත්, මෙම පාඩුව රුපියල් බිලියනයේ සීමාවේ රඳවා තබා ගැනීමට ජාතික රක්ෂණ භාර අරමුදලට හැකිවනු ඇති බවත්, ඊට හේතුව එහි අතිරික්ත අලාභ ප්‍රතිරක්ෂණ රක්ෂණය යටතේ, රක්ෂකයාට රුපියල් බිලියන 10ක් දක්වා වූ සීමාවකට ඉතිරිය පියවා ගැනීමට හැකිවීම බවත් එම ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ප්‍රාථමික රක්ෂණකරුවන්ට රුපියල් මිලියන 10 කට අධික සමස්ථ පාඩු ජාතික රක්ෂණ භාර අරමුදල හරහා ලබා ගැනීමටත්, මෝටර් රථ සඳහා SRCCT රක්ෂණය යටතේ රුපියල් මිලියන 2.5 දක්වා ලබා ගැනීමටත් හැකිය.

මෝටර් රථ නොවන අලාභයන් සඳහා සම්පූර්ණ පාඩුව රක්ෂණ ඔප්පුහිමියා විසින් කරන ලද අතිරික්තයකට යටත්ව ජාතික රක්ෂණ භාර අරමුදල හරහා පියවා ගැනීමට හැකිය.

ජාත්‍යන්තර ප්‍රතිරක්ෂණ සමඟ ස්ථානගත කර ඇති SRCCT රක්ෂණ සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රතිරක්ෂණ ආවරණය 2022 පෙබරවාරි සිට 2023 ජූලි දක්වා බල පැවැත්වේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් තොටුපොලේ තදබදය අඩුකරන්න රජයෙන් අලුත් විසඳුමක් ?

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම...

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...