මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීම ජනපති අතින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය ඊයේ (28) පැවැත්වුණු අතර, ඓතිහාසික මහියංගනය පුද බිම පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කරන ලද සන්නස්පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී සංඝ රත්නය වෙත පිරිනැමීම සිදුවිය .

තවද , ඓතිහාසික මහියංගන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම, පූජා භූමියේ පවතින විල්ලුවපිටිය වැව මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම ආදි පිංකම් කිහිපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්ථදස්සි ධම්මරක්ඛිත හිමිගේ අනුශාසකත්වයෙන් එම පිංකම් සංවිධාන කර තිබූ අතර , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම ආගමික පුණ්‍යෝත්සවයට එක්ව සිටියේය.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...