අසත්‍ය ප්‍රකාශ සඳහා සිනොපෙක් පිළිතුරු දෙයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): SINOPEC Fuel Oil Lanka (PVT) LTD සිය කටයුතු කළමනාකරණය කිරීම සඳහා නියෝජිත ආයතන ප්‍රසම්පාදනය කර ඇති බවට ඇතැම් පාර්ශ්ව විසින් කරන ලද ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආයතනය  ඒවා අසත්‍ය බව ප්‍රකාශ කරයි.

නිවේදනයක් නිකුත් කරමින්, SINOPEC විසින් මෙම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ඔවුන්ගේ ඉන්ධන පිරවුම්හල් ක්‍රියාකාරිත්වයේ හෝ ඒ ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වල කිසිදු ක්‍රියාවක් හැසිරවීමට බාහිර ආයතන හෝ තෙවන පාර්ශවයක් සම්බන්ධ කර නොගත් බවත් අවධාරණය කරයි.

ඉන්ධන පිරවුම්හල් සැපයුම් බලපත්‍රයේ කිසිදු අයිතියක් වෙනත් ආයතනයකට පැවරීමට SINOPEC හට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත්, ඔවුන්ගේ සන්නාමය හා සම්බන්ධ අඛණ්ඩතාව සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට ඔවුන් කැපවී සිටින බවත් සමාගම වැඩිදුරටත් අවධාරණය කළේය.

සිය සන්නාම ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු  අයිතිය SINOPEC සතුව පවතී.


                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...