ජාතිවාදී නාට්‍ය ලියන්නේ රනිල් රාජපක්ෂලාමයි –  ඩිලාන් පෙරේරා (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජෙරම් ෆාස්ටර් හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ එකම කාසියේ දෙපැත්තක් බවත්, දෙන්නම කරන්නේ ජාතිවාදය ඇවිස්සීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි . මේ ජාතිවාදී නාට්‍ය ලියන්නේ රනිල් රාජපක්ෂලාම බවත් ඔහු පවසයි .

මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළේය .

“මේ වන විට සංවිධානාත්මක කල්ලි මතු වෙලා තිබෙනවා. පසුගිය දවස් 12 ට වෙඩි තැබීම් 10 ක් සිදුවෙලා තිබෙනවා.අතීතය අරගෙන බැලුවත් රනිල් වික්‍රමසිංහ මහතා බලයේ ඉන්න කාලවල මෙවැනි තත්ව ඇති උනා.එතුමා ඉන්න කාලයට පාතාල කල්ලි උඩ එනවා .

පාතාල කල්ලි සහ රනිල් මහතා අතර සම්බන්ධයෙන් අලුතෙන් පටන් ගත්ත එකක් නොවෙයි.මේ හදන්නේ නැවත රගපාන්න ද කියලා හිතෙනවා. ත්‍රස්ත පනත ගේන්න හදනවා,හිතා මතාම සංවිධානාත්මක අපරාධ සිදු වෙන්න හරින්නේ මේ වගේ පනත් ගේන්න අවශ්‍යයි කියන තැනට පාර කපන්න ද කියලා හිතෙනවා.

දැන් කතා කරන්නේ ජෙරම් ගැන,නතාෂා ගැන, මේවා කරන්නේ හිතා මතාම ද කියලා ගැටලුවක් තිබෙනවා.මේ හරහා උත්සාහ කරන්නේ රටේ ප්‍රශ්න අමතක කරන්නද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. චන්ද කල් දාපු කෙනෙක්ට පසුගියදා ආණ්ඩුකාර තනතුරකුත් දුන්නා. උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කලා,
මේ සියල්ල පැත්තක තබා වෙන පැත්තකට අවධානය යොමු කරන්න හදනවා.

අරගලයක් තිබුනා.ඒකෙන් ජයග්‍රහණය කලේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. රත්‍රං කිලෝ ගානක් ගෙනත් ඇපත් ලැබුනා.ඊට පස්සේ පාර්ලිමේන්තු ආවා.අඹ ගෙඩි 10 ක් ගෙනත් අහු උනත් හිරේ දානවා .නමුත් ඔහු නිදහස් . ජාතිවාදය අවුස්සා අනිත් ප්‍රශ්න අමතක කරන්න උත්සාහ කරන්න හදනවා.

නතාෂා ලා ජෙරම් ලා ඉදිරියට එන්නේ රනිල් ගේ නාටකයේ කොටසක් ලෙසයි.නතාෂා ලා අරගලයේත් හිටියා.දැන් මේ නතාෂා ලා කරන්නෙත් රනිල් ට අවශ්‍ය දේ.මේ කරන්නේ රනිල් ගේ ආණ්ඩුව ආරක්ෂා කරන්නයි. මේ හොරු එලවන්න නම් ටොයියෝ බය්යො කයියෝ එකතු වෙන්න ඕන. මේ හොර ගොයියෝ දෙවියෝ විකුනලා හරි බලය රැකගන්නයි හදන්නේ. කපුටාගේ උද්දච්ච තීන්දු හා ක්‍රියාමාර්ග කපුටා නැතත් තාමත් කරගෙන යනවා.

මේ මැතිවරණය වේලාසනින් තියාවි කියලා නම් අපි හිතන්නේ නෑ. ජෙරම් ෆාස්ටර් හා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ එකම කාසියේ දෙපැත්තයි.දෙන්නම කරන්නේ ජාතිවාදය ඇවිස්සීමයි. මේ ජාතිවාදී නාට්‍ය ලියන්නේ රනිල් රාජපක්ෂලාමයි. මේ හරහා මාධ්‍යයත් මර්ධනය කරාවි “

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...