යුක්රේනය සම්බන්ධයෙන් රුසියාවේ හැසිරීම සහ බෙලරුසියාවේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යම් සහනශිලී ප්‍රතිපත්තියකට පිවිසීමෙන් පසුව පැවත්වෙන ලෝක ටයිකොන්ඩෝ සූරතාවලියේදි රසියානු ක්‍රීඩකයින් දෙදෙනෙකුට පොදු ධජයක් යටතේ හෝ තරග කිරීමට අවසර ලැබී නැත.නමුත් රුසියාවේ ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් වන කිලෝ ග්‍රෑම් 80 පහළ ඉසව්වේ ජයග්‍රාහකයා වන Maksim Khramtsov සහ කිලෝ ග්‍රම් 80 ඉහළ ජයග්‍රාහකයා වන Vladislav Larin වෙත එසේ අවස්ථාව අහිමි කර ඇත.ඒ ඔවුන් දෙදෙනා යුද්ධයට විවෘතව සහයෝගය දක්වා ඇති බව සනාත වී ඇති බැවින්ය.
නමුත් මේ ආකාරයට රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයින්ට සහභාගීවීමට අවසර දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇති යුක්රේනය තරගාවලියෙන් ඉවත්වීමට කටයුුතු කර ඇත.එසේම ඉවත් නොවුණ ද මේ වන විට ලොව පුරා බොහෝ රටවල් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට බලපෑම් කරමින් සිටින්නේ රුසියාවට සහ බෙලරුසියාවට ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගී වීමේ අවස්ථාව අහිමි කළ යුතු බවය.
මේ අතර මධ්‍යස්ථ ධජයක් යටතේ රුසියාව සහ බෙලරුසියාවට අවස්ථාව දීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පළ කරන ජාත්‍යන්තර ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති දකුණු කොරියානු ජාතික Chungwon Choue ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ තීරණය සුබවාදීව භර ගෙන ඇත.ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩාව සටන් ක්‍රීඩාවක් වුව සාමය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවය.ඒ නිසා රුසියාවට සහ බෙලරුසියාවට විරුද්ධ මතයේ සිටින බවත්,නමුත් ක්‍රීඩා කරන්නට ඇති ක්‍රීඩකයාගේ අයිතිය සුරක්ෂිත කරමින් පොදු මධ්‍යස්ථ ධජයක් යටතට ගෙන තරග කිරීමට අවසර දීම යහපත් බවත් සභාපතිවරයා පවසයි.
ඡායාරූපයේ රුසියානු ජනාධිපතිවරයා සමඟ සිටින්නේ, තරග සහභාගීත්වය වළක්වා ඇති Vladislav Larin වේ.
සටහන – නිශ්මං රණසිංහ
