ජීවිත අකාලයේ මරණයට ළං කරන දුම්වැටි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 30 , කොළඹ (LNW): මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන අතර,.වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

හෙටට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කළ අතර, මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව වන්නේ දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු යන්නයි.

මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි.දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පමණ අඩුවී ඇත.

ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණ ද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙන අතර, පවතින තත්ත්වය හමුවේ තරුණයින් සහ ළමුන් දුම්වැටි භාවිතයට යොමුකරවීම සඳහා බහුජාතික දුම්කොළ සමාගම් කූට උපක්‍රම ගණනාවක් දියත් කරමින් සිටින බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...