*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ශ්‍රි ලංකාවේ තුන්කල් දුටු අසහාය ප්‍රාඥයා – මාර්ටින් වික්‍රමසිංහ

තුන්කල් විනිවිදි කෘතහස්ත ලේඛකයෙකු, නිර්මාණකරුවකු මෙන් ම මාධ්‍යවේදීයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 132 වන ජන්ම දින සැමරුම මැයි මස 29 වන දිනට යෙදී තිබිණි.

1890 මැයි මස 29 වන දින කොග්ගල, මලලගම දී උපන් ළමා හේවගේ දොන් මාර්ටින් වික්‍රමසිංහ හෙවත් මාර්ටින් වික්‍රමසිංහ 19 වන සියසේ අග ඉපිද 20 වන සියවසේ ජීවත් වූ ශුද්ධ දැනුම් බලාගාරයක් විය. මේ ඒ පිළිබඳ කෙටි කියවීමකි.

වික්‍රමසිංහයන්ගේ ලෝකය පිළිබඳව දැකීම, කියවීම හා හැදෑරීම අනෙකාට සාපේක්ෂව වෙනස්ය.

1895 වසරේ දී ඔහු මුලින්ම අන්දිරිස් ගුරුන්නාසේගෙන් අකුරු කියවූ අතර 1897 වසරේදී ඔහු ගාල්ල බොනවිස්ටා පාසලට ඇතුලත් කරන ලදි. එහි වසර දෙකක් පමණ අධ්‍යාපනය හදාරණ විට ඉංග්‍රිසි භාෂාව හා ලතින් භාෂාව ඉතා චතුර ලෙස ලිවීමට කියවීමට ඔහු සමත් විය. 1901 වසරේ ඔහුගේ පියා වන ළමා හේවගේ දෙන් බැස්ටියන් වික්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසු සමඟ ආර්ථික අපහසුකම් වැඩි වීම නිසා පාසලෙන් අස් වී කොග්ගල ධීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සංස්කෘත ඉගෙනගනු ලැබීය. 1904 දී නැවත අහංගම සිංහල පාසලට ගිය ඔහු පැවැති ආර්ථීක දුෂ්කරතාවයන් හේතුවෙන් ම 1906 දී නැවතත් පාසලින් අස් වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාවකට සම්බන්ධ විය.

පාසල් අධ්‍යාපනය අඛණ්ඩව නොලැබුණද පොත පත කියවීමට මෙන් ම හැදෑරීමට එතුමන් දැක්වූයේ මහත් අභිරුචියකි.

සංස්කෘත සාහිත්‍ය පිළිබඳ එතුමන්ට තිබූ ප්‍රේමය හේතුවෙන්ම එතුමන් ඉංග්‍රිසි සාහිත්‍ය ද ගවේෂණය කරන්නට පෙළඹිණි. එතැනින් නොනැවතී ප්‍රංශ සාහිත්‍ය කෙරේද ආකර්ෂණය විය. අත්දැකීමෙන් ලත් දැනුමත්, දැනුමෙන් ලත් අත්දැකීමත්, පොත පත පරිශීලනයෙන් වඩ වඩාත් වර්ධනය කර ගැනීමට හෙතෙම සමත් විය. 20 වන සියවසේ මුල් කාලය තුළ මෙතරම් පොත පත පරිශීලනය කළ තවත් සාහිත්‍යධරයෙකු සිටියාද යන්න පවා සිතීමට තුඩු දෙන්නකි. ඔහු සැබැවින්ම ශූද්ධ දැන්ම් බලාගාරයක් විය. විශ්ව කෝෂයක් විය. විවිධ විෂයන් පිළිබඳ ඔහුට පැවැතියේ අසම සම දැනුමකි.

ඔහු පරිණාමවාදය පිළිබඳව වඩ වඩාත් කියවන්නට විය. මානව වාදය පිළිබඳව මෙන් ම සමාජ විද්‍යාව, බෞද්ධ දර්ශනය පිළිබඳ තිබූ කියවීම මඟින් ඔහු ලත් ප්‍රාගුණඥ ඔහු විසින් රචනා කරන ලද පොත පත මඟින් දක්නට ලැබේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද, ” තේරී ගී” නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ජීව විද්‍යාත්මක ග්‍රන්ථ විදේශ සංචාර පාඨශාලා පොත් ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර තිබේ.

ඔහු කුඩා කල සිට පරිශීලනය කළ පොත් 6000 පමණ සුවිශාල පුස්තකාලයක් ඔහු සතුය. එහි ප්‍රතිඵලය වූයේ මහා ගත් කතුවරයෙකු බිහිවීමයි. මහා ප්‍රාඥයෙකු බිහි වීමයි.

” මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුනේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි.” – උපන්දා සිට

මාර්ටින් වික්‍රමසිංහයන් සිය ලේඛණ දිවිය ආරම්භ කරන්නේ 1914 දී ලියවෙන ලීලා නවකතාව හා නවකථාව සහ සාහිත්‍ය විචාර ලිපි සංග්‍රහයක් වූ ශාස්ත්‍රීය ලේඛන (1919) යන කෘතීන් එළිදක්වමිනි.

1920 පමණ පත්තරකලාවට යොමු වීමත් ලේක්හවුස් ආයතනයේ සේවය කිරීමත් හේතුවෙන් තව දුරටත් විවිධ ක්ෂේත්‍ර පිළිබඳ නිරන්තරව යාවත්කාලීන වන දැනුම් සම්භාරයක් රැස්කර ගැනීමට ඔහු සමත් විය.

1918 එතුමන් ”නීට්ෂේ” පිළිබඳව ”චාල්ස් ඩාවින්” පිළිබඳව හා ”තෝල්ස්තොයි” පිළිබඳ දිණමින පත්‍රයට ලිපි ලියන්නට විය. අද මෙන් තාක්ෂණය නොදියුණු අවධියක එතුමන් පතපොත පරිශීලනය සැබැවින්ම පුදුම සහගතය. අද බොත්තමක් එබූ සැණින් ලෝකයම අතැඹුලක් සේ ජංගම දුරකතයෙන් දැකිය හැකිවුවද, වික්‍රමසිංහයන් පොත පත පරිශීලනය කරන අවධියේ එතුමන්ට තිබූ කැපවීම, අලුත් අලුත් දෑ සොයා කියවන්නට තිබූ උනන්දුව පුදුම සහගතය.

මානව විද්‍යාව හා පරිසරය සමඟ පැවැත් සබඳතාවය පිළිබඳ අධ්‍යනය එතුමන්ගේ අධ්‍යයන වපසරියේ විය. සමකාලීන සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් 1916 ”වෘක්ෂලතා හා සත්වයෝ” යන මැයෙන් දිනමිණ පත්‍රයට ලිපි පෙළක් ලිවීමට ඔහු යොමු විය.ඒ සියල්ල කාලයක් පුරාවට කරන ලද ඔහුගේ පර්යේෂණවල ප්‍රතිඵල වේ.

ඉන් අනතුරුව 1934 ”සත්ව සන්තතිය” කෘතිය රචනා කිරීම ද අතිශය වැදගත්ය. විශ්ව විද්‍යාල පවා නොමැති අවධියක සිංහලෙන් මෙම දැනුම සමාජගත කිරීමට වික්‍රමසිංහයන් දැරූ උත්සහය සුළුපටු නැත. ඔහු සත්ව සන්තතිය කෘතිය හරහා පරිණාමවාදය පිළිබඳ නව තොරතුරු , පාරිභාෂික වචන හඳුන්වා දීමට කටයුතු කරණු ලැබීය.
1942 වසරේ ලංකා විශ්ව විද්‍යාලය ඇරඹී 1950 දශකයේ ඒවායෙහි අධ්‍යයන කටයුතු කෙරෙන තෙක්ම ආදී ඉතිහාසය පිළිබඳ විශේෂයෙන් ”සිංහල සමාජය හා සංස්කෘතිය” පිළිබඳ කියවීම කරනු ලැබුවේ වික්‍රමසිංහයන්ගේ පත පොත ඇසුරිණී. අදටද එය ඒ ලෙසින්ම වලංගුයැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.
බෞද්ධ දර්ශනය පිළිබඳ එතුමන් තුළ පැවැති අවබෝධය ද මෙහිලා සඳහන් කරණු වටියි.

ඔහු ජීවිතයේ යථාර්තය පිළිබඳව නුවණින් හැඳින මනසින් දැක සිය නිර්මාණවලට යොදාගනු ලැබීය. පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ හසල දැනුමක් පැවැති හෙයින් මුල් මූලාශ්‍රවලටම ගොස් ඒවා සවිස්තරව අවබෝධයෙන් දැන එම සනාතන සත්‍යයන් සාමාන්‍ය පොදු ජන හිත සුව පිණිස සමාජගත කිරීමේ ලා වික්‍රමසිංහයන් කටයුතු කරනු ලැබීය. ඔහු විසින් රචිත මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය (1974) පරිණාමවාදය හා බෞද්ධ විඥානය(1974) සිංහල ලකුණ(1947) ආගම හා නවීන විද්‍යාව (1945) බුදු සමය හා විද්‍යාව (1948) බුදු සමය හා සාහිත්‍ය(1966) මෙහිලා සඳහන් කරණු වටියි.

මේ අවධියේම සිංහල සාහිත්‍යයේ ප්‍රමිතීන් ඉහළ නංවනු වස් සාම්ප්‍රදායික සාහිත්‍ය උරුමය ඉන්දීය හා බටහිර විචාර සම්ප්‍රදායන් සංකලනය කිරීමේ අරමුණෙන් ඔහු විසින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) ඔහු විසින් ආරම්භ කරනු ලැබූ අතර එම අරමුණින් සම්පාදිත සාහිත්‍යෝදය කතා (1932) විචාර ලිපි (1941) ගුත්තිල ගීතය (1943) සිංහල සාහිත්‍යයේ නැගීම (1945) මඟින් නව මිනුම් දඬු යොදා ගන්නා ලදි. ඔහුගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටිකතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ කතා, විචාර ආදී විවිධ තලයන් ඔස්සේ හඳුනා ගත හැකිය.

සිංහල නවකතා ඉතිහාසය තුළ දුහුණන්ට අත්පොත් දෙමින් නූතන සිංහල සාහිත්‍යයේ පියා වශයෙන් ඔහු හඳුනා ගන්නේ එබැවිණි.

නව කතාවක අඩංගු විය යුතු කලාත්මක අංගයන්ද, සාර්ථක චරිත නිරූපනයන්ද, පුළුල් සමාජ දෘෂ්ටියක් සහ යථාර්තවාදී රීතියකින් මෙන්ම අන්තර්ගතයෙන් හා තාක්ෂණය අතින් 1944 දී පල වූ “ගම්පෙරළිය” නව කතාව නූතන ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ නවකථාවන් සමග සැසඳිය හැකි ප්‍රථම සිංහල නවකථාව විය.

ඒමඟින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය වෙනස් මගකට යොමු කිරීමට සමත් වු අතර මාර්ටින් වික්‍රමසිංහ සිංහල යථාර්ථවාදී නවකතාවේ පුරෝගාමියා වශයෙන් ද හඳුනාගනු ලැබේ. ඉන් අනතුරුව එහිම දිගුවක් වශයෙන් “යුගාන්තය” සහ ” කලියුගය” යන තුන් ඈදුතු නවකතා බිහි විය.

සාම්ප්‍රදායික වැඩවසම් සමාජ ක්‍රමය සමතික්‍රමණය කරමින් ධනේශ්වර සමාජ ක්‍රමය වර්ධනය වීමත් ඉන් අනතුරුව නාගරික පදනමක් සහ ව්‍යාපාරික පෙළඹුමක් සහිත නාගරික පන්තියේ වර්ධනයත් ඒ සමඟ සිදුවන කම්කරු ව්‍යාපාරයේ සහ සමාජවාදී දර්ශනයේ ආරම්භයත් අවසානයේ නව සමාජ ක්‍රමයක් පිළිබඳ අපේක්‍ෂාවත් මෙම නවකථා ත්‍රිත්වයෙන් ඉදිරිපත් කිරීමට වික්‍රමසිංහයන් සමත් වේ.

1956 දී පළ කරන ලද “විරාගය” නවකතාව වික්‍රමසිංහයන්ගේ විශිෂ්ඨතම මෙන්ම කලාත්මක නවකතාව හැටියට විචාරකයන්ගේත් රසියන්ගේත් ප්‍රශංසාවට පාත්‍ර විය. වික්‍රමසිංහයන් විසින් විරාගය රචනා කිරීම වෙනුවෙන් ආවේගය ගනු ලබන්නේ බුදු සමය හා සමාජ දර්ශනය කෘතියෙනි. එහි දී ඔහු වෛරාගික සමාජයක් පිළිබඳ සාකච්ජා කරණු ලැබේ.

විරාගය මූලික වශයෙන් ගලා යන්නේ සාම්ප්‍රදායික බෞද්ධ නිවසක හැදී වැඩෙන අරවින්ද නම් සිංහල තරුණයකු සමාජය නූතනකරණය වීම හේතුවෙන් ඊට මුහුණ දෙන ආකාරයත් ඉන් අනතුරුව ඔහුගේ වැඩිහිටි ජීවිතය හා ඒ සමඟ එන වගකීම් හේතුවෙන් මුහුණපාන ගැටලු සහගත තත්වයත් ස්වයං විවේචනයක් වශයෙනි. ඔහුගේ මරණින් පසු එය සැමී විසින් සංස්කරනය කර ඉදිරිපත් කරන්නක් වශයෙන් නවකතාව තුළ ගලා යයි.

“කවර මනුෂයෙකුගේ චරිතයෙහි වුවද චරිතයෙහි අංග එකිනෙකින් වෙන් කොට හැඳිනගත නොහැකි දේදුන්නක් වැන්නයි අරවින්දගේ සංකීර්ණ චරිතයෙහි එක් අංගයක් වත් නිශ්චය වශයෙන් හඳනාගත නොහැකි වූ මම සිතුවෙමි. දේදුන්නෙහි වර්ණ එකිනෙක වෙන් කොට හැඳිනගැනීමට වෑයම් කරන්නා මිරිඟුව ඔස්සේ ගිය එකකු මෙන් වෙහෙසෙයි” – පිටුව 4, පළමු පරිච්ඡේදය (විරාගය)

“බතීත් සරෝජනීත් පිළිබඳ මගේ හැඟීම මැරෙන්නට යන පක්ෂියෙකු මෙන් අත්තටු සලතියි මට සමහර විට හැ‍ඟේ. නොතින් ආසාව මට දැන් මගේ ශෝකයට නොව සොම්නසට හේතුවෙයි. මගේ ආත්ම විශ්වාසය නැතිවිය. තැණවතීගෙන් සාත්තු ලබමින් මා ජීවත් වූ කාලය මරු කතරක ජීවත්වීමක් ලෙස හැ‍ඟේ. මගේ ලෙඩේ සුව නොවේ. එහෙත් කරුණාව, දයාව, ඇල්ත යන ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත්වීම නිසා මගේ කල කිරීම දුරු විය. මා වඩාත් කලකිරුණේ බතී නිසාය. ඈ නිසාම මගේ කලකිරීම තුනී විය. මනුෂ්‍ය ජීවිතය මැනෙන මිනුමක් වශයෙන් නම් කුල සිරිත් හා ගුණ දහම් වූ කලී කාලය, දේශය, අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ.” – පිටුව 201, (විරාගය)

වික්‍රමසිංහයන් විසින් කරන ලද භවතරණය කෘතිය හොඳම යථාර්ථවාදී නවකතාව වශයෙන් බොහෝ විද්වතුන් අතර සම්භාවනාවට පාත්‍රවේ.

මෙය සිද්ධාර්ථ කුමරුගේ චරිතය ඇසුරු කොට මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප්‍රබන්ධ කෘතියකි. බුද්ධ චරිතයේ අභව්‍ය හා අතාත්වික මත බැහැර කරමින් වඩා යථාර්ථවාදීව චරිත නිරූපණය කිරීමේලා වික්‍රමසිංහයන් විසින් සමත්ව තිබේ. මේ සඳහා නිදසුන් වශයෙන් සිදුහත්-යශෝධරා බැඳීමේ ප්‍රබලත්වය දැක්විය හැකිය. මෙම නවකතාව පුරාවටම බුද්ධ දර්මය පිළිබඳ කතෘගේ දැක්ම ඉදිරිපත් කර තිබේ. ඒ අනුව බුදුදහම සසර දුක නැවැත්ම සඳහාය. බුද්ධාගම පැවැත්ම වඩාත් හොඳ කරගැනීමටයි, දෙව්, රජ, සිටු සැප ලැබීමටයි. ඉන්දියාවේ සමකාලීන ඉගැන්වීම් හා ලේඛණගත බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ මනා දැනුමක් වික්‍රමසිංහයන් සතුබව නිසැකය. මෙහිදී ඔහුගේ අදහස වන්නේ බුදුන් වහන්සේගේ නියම ඉගැන්වීම අභිධර්මයෙන් නොව සූත්‍ර දේශනා ඇසුරෙන් ලබාගත යුතු බවයි.

මාටින් වික්‍රමසිංහයන් වැනි තුන්කල් දකින ප්‍රාඥයන් බිහි නොවන්නේ ඇයිද යන්නද මෙහිලා සාකච්ජා කිරීම වටියි.

ආචාර්ය ගුණදාස අමරසේකර මෙන් ම ආචාරිය නලින්ද සිල්වා ආදීන් බුද්ධිමය සමාජය තුළ බුදුධිමත් තලවල යම් යම් වැඩ කොටසක් කරනු ලැබූ අයවලුන් වේ. ආචාරිය ගුණදාස අමරසේකර ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට සිංහල නවකතාකරුවෙකි; කෙටිකතාකරුවෙකි; කවියෙකි; විචාරකයෙකි. එතුමන් විසින් ලියන ලද කරුමක්කාරයෝ ප්‍රේමයේ සත්‍ය කතාවක් යලි උපන්නෙමි ආදී නවකතා මෙන්ම අනගාරික ධර්මපාල මාක්ස්වාදීද ?ගණඳුරු මැදියම දකිනෙමි අරුණලූ ජාතික චින්තනයයි සහ ජාතික ආර්ථිකයයි ආදී විචාර කියවීමේදී ඔහු අද සිටින තැන පිළිබඳ ඇත්තේ අනුකම්පාවකි. නිර්මාණකරුවන් බොහෝ විට දිය කඩිත්තකින් අරඹන සිය නිර්මාණ හා සාහිත්‍ය ජීවිතය ක්‍රමිකව මහා සාගරයක් වෙත ගෙන යෑමෙහිලා වෙහෙසෙයි. අමරසේකර යනු සාගරයකින් සිය නිර්මාණ ජීවිතය අරඹා දිය කඩිත්තකට විත් මඩ ගොහොරුවක වැටී නෙළුම්මල් කඩන චරිතයක් බවට පත්ව ඇත. වයස අවුරුදු 93ක් ඉක්මව ගියද කර්කෂ කඨෝර ජාතිවාදී මෙන් ම ගෝත්‍රික මත වපුරමින් සමාජය භේද බින්න කිරීම සිය සමාජ මෙහෙවර ලෙස සලකා ඇති බව පෙනේ.

එය එසේම නලින්ද සිල්වාටද පොදුය. ආචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වශයෙන් හඳුනා ගැනේ. එතුමන් විසින් ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් කරුණු ඉදිරිපත් කරණු ලැබීය. ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරමින් මගේ ලෝකය රචනා කරන්නට විය. ඔහු තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. මෙතරම් විශ්ව ඥාණනයක් මේ වන විට සමාජ මාධ්‍යජාලා තුළ විහිලුවක් බවට පත්ව ඇත. ඔහුට කිසිදු විටෙක අනෙකාගේ මතය ඉවසිය නොහැක. නමුත් වික්‍රමසිංහයන් කෙදිනකවත් මේ තත්වයට පත් නොවීය. වික්‍රමසිංහයන්ගේ අඩුව පුරවාවි යැයි බලාපොරොත්තූ වූ බොහෝදෙනා හසරක් නොදැන මං මුලා වී ඇත. ඔවුන් භූමිදානය නොකළ ඇවිදින මළකඳන් බවට පත්ව ඇත.

ඔහු ලේඛකයෙකුට අමතරව ව්‍යවසායකයෙකුද විය.

තමන්ගේ පොත් තමන් විසින්ම මුද්‍රණය කිරීමේ අටියෙන් මුද්‍රණාලයක්ද ආරම්භ කරනු ලැබීය. 1931 ගල්කිස්සේ මවුන්ට් යන්ත්‍රාලය නමින් ඇරඹූ ඔහු එහි සිය කෘතියේ පිට කවරය පොත් බැඳීම නිමාව පිළිබඳ අතිශයින්ම සැලකිලිමත් විය. මුද්‍රණාලයක් ඇරඹුවද ඒහි සමහර සිංහල අක්ෂර නොවීය. ගුණසේන සහ සමාගම මෙන් ම කුරේ සමාගමෙන් අක්ෂර රැගෙන අකුරු අමුණා ඔහු මහා දුෂ්කර ගමනක් යනු ලැබීය. පොත් කර්මාන්තයක් දියුණු නොවී තිබියදී ඔහු විසින් ඒ අවධානම ගෙන සාර්ථක විය. ඔහුගේ කෘතීන්වල සෝදුපත් පරික්ෂා කරන්නට වූයේ ඔහුගේම දරුවන්ය. ඒ වෙනුවෙන් ඔවුන්ට යම් මුදලක් පවා ගෙවීමට වික්‍රමසිංහයන් ක්‍රියා කළ බව කියැවේ.

භාෂා සන්නිවේදකයෙකු ලෙස ජන සම්මත භාෂාවක් සමාජගත කිරීමේලා වෙහෙසුනු පුද්ගලයෙක් වශයෙන්ද මාර්ටින් වික්‍රමසිංහයන් පිළිබඳ කියවීම වැදගත්ය.

1950 දශකයෙන් අනතුරුව පාසල් හා උසසු අධ්‍යාපන අයතනවල අධ්‍යන කටයුතු ආරම්භ වීමත් සමඟ භාෂා ව්‍යවහාරයන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙන්නට විය. මෙහිදී එවකට සිටි භාෂා ප්‍රවීනයන් පාරිභාෂික වචන නිර්මාණය කිරීමේ දී සංස්කෘත මූලයන් සහිත වචන භාෂාවට එක් කිරීමේලා උත්සුක විය. එය ප්‍රතික්ෂප කළ මාර්ටින් වික්‍රමසිංහ සාමාන්‍ය ජනයාට අවබෝධවන ජන සම්මත භාෂාවක් වෙනුවෙන් පෙනී සිටින්නට විය.

වික්‍රමසිංහ මහතා “සාහිත්‍ය චක්‍රවර්තී” සම්මානය හා ” ජනාධිපති සාහිත්‍ය සම්මානය” හිමි කර ගත්තේය. එයට අමතරව බ්‍රිතාන්‍ය O.B.E සම්මානයද ලැබුණි.

මහා ගත් කරුවකු වශයෙන් දෙස් විදෙස් පතල මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1976 ජූලි මස අභාවප්‍රාප්ත විය. එතුමන් ලාංකීය චින්තන ධාරාව වෙනත් මඟකට ගෙන යමින් බමුණු මත එකහෙලාම ප්‍රතික්ෂප කළ චරිතයක් විය. පිරිවෙන් හෝ එකල පැවැති කිසිදු ගුරුකුලයකට ඔහු නතු නොවීය. ඔහු නිදහස් චින්තකයෙකු වූ අතර භාෂාව සම්බන්ධයෙන් නව අත්හදාබැලීම් නිරන්තරව කිරීමට සමත් විය. ඔහුගේ වියෝව ලාංකීය සාහිත්‍යට මෙතෙකැයි කිව නොහැකි තරම් අඩුවකි. එනමුත් ඔහු විසින් ඉතිරිකර ගිය නිර්මාණ , ශාස්ත්‍රීය ග්‍රන්ථ සමුදාය තවත් චිරාත් කාලයක් පාඨකයන්ගේ නැණ නුවන් පාදනු ඇත.

  • සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan