ලෝක කුසලාන කණ්ඩායම් කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාවය සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW:

මාල දිවයිනේදි ඊයේ නිමාවට පත් වූ ලෝක කුසලාන කණ්ඩායම් කැරම් තරගාවලියේ පිරිමි අනු සූරතාව සහ කාන්තා තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.සුපුරුදු පරිදි දෙ‘අංශයෙන්ම සූරතාවයන් දිනා ගත්තේ ඉන්දියාවයි.
කාන්තා තරග අංශයේදී සත්කාරක මාල දිවයින ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට මුහුණ පාන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිඳු වුණා.එය ඓතිහාසික පසුබැමක් සහ පරාජයක් වුව ද,ඉන්දීය ජාතික සූරිය වන එල්.කිර්තිනා පරාජය කරමින් ශ්‍රී ලංකාවේ ටෂ්මිලා කාමින්දි ජය ගැනීම වසර නවයකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විසින් ඉන්දීය ක්‍රීඩිකාවක් පරාජය කළ අවස්ථාව ලෙස ඉතිහාසයට එකතු වෙනවා


ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපුරුදු පරිදි සිය ස්ථානය ආරක්ෂා කර ගනිමින් අවසාන තරගයේදී සිය ප්‍රබල ප්‍රතිවාදියා හමුවන තෙක් ඉදිරියට පැමිණියා.මාල දිවයින සුවිශාල සූදානමක් තරගාවලිය සංවිධානයට මෙන්ම සිය සත්කාරකත්වය යටතේ දක්ෂතා දැක්වීම සඳහා වන පෙර සූදානම වෙනුවෙන්ද දක්වා තිබෙන බව පෙනෙන්නට තිබුණා.ඒ නිසාම ඔවුන්ට මේ තරගාවලියේ කාන්තා අනු සූරියන් වීමේ අවස්ථාවද හිමි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...