වතුකරයේ වෘත්තීය සමිති නායක ගුණසිංහ සූරියප්පෙරුම දිවිසැරිය නිමා කරයි

Date:

ශ්‍රි ලංකා මහඡන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ගුණසිංහ සුරියප්පෙරුම මහතා තරුණයකුව සිටියදී, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. විලියම් ප්‍රනාන්දු මහතා සමග දේශපාලනයට පිවිසි අතර දිවංගත විජය කුමාරණතුංග මහතා සමග මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමී වූවෙකි.

88/ 89 භීෂණ සමයේදී තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මුදා ගැනීමට කටයුතු කල මොහු එකල එජාප ආණ්ඩුවේ මාධ්‍ය මර්දනයට එරෙහිව ප්‍රථම උද්ඝෝෂණ රැලිය නුවරඑළියේදී සංවිධාන කළේය.

මධ්‍යම පලාත් සභා මන්ත්‍රිවරයකු හා නුවරඑලිය මහා නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ද ඔහු නුවරඑළිය ප්‍රදේශයට විශාල සේවයකර ඇති සමාජ සේවකයෙකි.

ගුණසිංහ සූරියප්පෙරුම මහතා, බැංකු කිහිපයකම විධායක තනතුරු හා රාජ්‍ය ආයතන කිහිපයකම වගකීම් දරා ඇති ප්‍රකට සමාජ ක්‍රියාකාරික සේන සුරියප්පෙරුම ගේ වැඩිමල් සොයුරාය.

ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුලත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (30) සවස 4 ට නුවරඑලිය නාගරික සුසාන භූමියේදි සිදු කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...