දේශීයත්වයට මුල්තැන දෙන රජයක් බිහි කරමු: විපක්ෂ නායක සජිත්

Date:

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අනෙකුත් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට අවශ්‍ය උපරිම සවිය ලබා දෙන බවත් අපේ රට නිෂ්පාදන කර්මාන්ත මූලික කර ගත් රටක් බවට පත් කර අපනයන පුළුල් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ සමයේ ආරම්භ කළ ඇගලුම් කම්හල් නොතිබෙන්න අපේ රට මේ ආර්ථික පරිහානිය හමුවේ විශාල කඩාවැටීමකට ලක් වන බවත් මේ තත්ත්වයෙන් හෝ රට පවතින්නේ ඒ කර්මාන්තශාලා නිසා බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ එදා ආරම්භ කළ කර්මාන්ත ශාලා රැසක් අද වැසී යාමට ලක් වීම කණගාටුවට කරුණක් බවයි.

සමගි ජන බලවේග රජයක් තුල දේශීයත්වයට සහ දේශීය කර්මාන්තවලට මුල්තැන දෙන බවත් ගමේ නගරයේ ජනතාවගේ සවියෙන් රට ගොඩනගන වැඩපිලිවෙලකට අවතීර්ණ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (28) මහියංගනයේ පැවැති “උදාවක ඇරඹුම”වැඩසටහනට එක් වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...