සිරගතව සිටින සීක් බෙදුම්වාදී නායකයෙකු ඉන්දීය මැතිවරණයට ඉදිරිපත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 31,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගතව සිටින සීක් බෙදුම්වාදී නායකයෙකු වන 31 හැවිරිදි අම්රිත්පාල් සිං පන්ජාබ් ප්‍රාන්තයේ ඔහුගේ ඛදූර් සාහිබ් මැතිවරණ කොට්ඨාශයෙන් තරඟ වදින බව වාර්තා වේ.

මැතිවරණ කොට්ඨාශයේ සිට කිලෝමීටර් 3,000 (සැතපුම් 1,865) පමණ දුරින් පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටින අතර ඔහු වඩාත් හොඳින් සිය මැතිවරණ කොට්ඨාසයේ සිය ප්‍රචාරණ කටයුතු කරන බවයි නව දිල්ලිය පවසන්නේ,

පසුගිය වසරේ අම්රිත්පාල් සිං ඔහුගේ ආධාරකරුවන් සිය ගනනක් සමඟ පොලිස් ස්ථානයකට කඩා වැදී ඔහුගේ සහායකයෙකු නිදහස් කරන ලෙස බල කිරීමත් සමඟ වඩාත් ජනප්‍රිය වූ අතර එම කාලයේම ඔහු අත්අඩංගුවට ගනිමින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඉන්දියාවේ බිලියන 1.4 ක ජනගහනයෙන් පන්ජාබ්හි බහුතරය සික්වරු වන අතර එය ප්‍රතිශතයක් ලෙස 2%කි. පාර්ලිමේන්තු මැතිවරනයකින් අම්රිත්පාල් සිං ජයග්‍රහණයක් ලබන්නේ නම් ඔහුට යම් නීත්‍යානුකූල භාවයක් ලැබෙනු ඇති අතර පන්ජාබ්හි මැතිවරණය ජුනි මස 01 වන දින පැවැත්වේ.

සීක් සටන්කාමීන් 1970 ගණන්වල ස්වාධීන නිජබිමක් සඳහා උද්ඝෝෂණ ආරම්භ කළ නමුත් 1990 දශකයේ මුල් භාගයේදී දරුණු මර්දනයන් සමඟ කැරැල්ල බොහෝ දුරට රජය විසින් මර්දනය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...

සමාජ මාධ්‍ය වීඩියෝ කිහිපයක් ගැන LOLC සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හඬ සහ...

මුදල් විශුද්ධිකරණය : හිටපු ඇමති කෙහෙළියට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය...