චෙන්නායි සූරයන් දෙපළම සංචිතයට

Date:

ඇෆ්ගනිස්තානය සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අයිපීඑල් කිරුළ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට දිනා දීම සඳහා ඉහළ දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයින් වන මතීශ පතිරණ සහ මහේෂ් තීක්ෂණ කැදවා ඇත. මහේෂ් තීක්ෂණ සාමාන්‍යයෙන් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්ව සිටිය අතර මතීශ පතිරණගේ සිදු වී ඇත්තේ යළි කැදවීමක්ය.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට දුශාන් හේමන්ත ද කැඳවා ඇත.දකුණතින් පා දඟ පන්දු යැවීමේ විශේෂඥයෙක් වන දුශාන් හේමන්ත පිත්තෙන් ද දක්ෂතා දක්වන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ද සැලකිය හැකිය.එසේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් කෙරෙහි ද ශ්‍රී ලංකා තේරීම් කමිටුව තව දුරටත් විශ්වාසය තබා ඇත.විශේෂත්වය වන්නේ හිටපු එක්දින නායකයෙකු වන ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද එක්දින සංචිතයට කැදවා තිබීමය.
ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියට නම් කර තිබෙන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සම්පූර්ණ සංචිතය පහතින් දක්වා ඇත.

දසුන් ශානක (නායක),කුසල් මෙණ්ඩිස් (උප නායක),දිමුත් කරුණාරත්න,ඇන්ජලෝ මැතිවිස්,චරිත් අසලංක,පැතුම් නිශ්ශංක,ධනංජය ද සිල්වා,සදීර සමරවික්‍රම,චාමික කරුණාරත්න,දුෂාන් හේමන්ත,වනිදු හසරංග,ලහිරු කුමාර,දුෂ්මන්ත චමීර,කසුන් රාජිත,මතීශ පතිරණ,මහේෂ් තීක්ෂණ

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණාට ජය සළකුණු පෑදුණු තරගාවලියක් – ශ්‍රී ලංකාවට අලුත් බලාපොරාත්තුවක්

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: පළමුවන දකුණු ආසියාතික ෆුට්සාල්...

ප්‍රවීණ මාධ්‍ය­වේ­දි­යකු අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා වෘත්තීය...

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...