”ගාසා තීරයේ ගැටුම් නතර කරන්න මේ හොඳම කාලයයි” – ජනාධිපති බයිඩන් කියද්දී හමාස් අවසන්වන තුරු යුද්ධය යනවා – නෙතන්යාහුගෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය විසින් කර තිබෙන යෝජනාවලියත් සමඟ ගාසා තීරයේ ගැටුම් නතර කිරීමට මෙය හොදම අවස්ථාවක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

පසුගිය ඔක්තෝමබර් 07 වැනිදා සිට මේ වන විට මාස 08ක කාලයක් පුරා එම ගැටුම් ඇවිලෙමින් තිබේ.

ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කර තිබෙන සටන් විරාම යෝජනාව අනුව සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් බයිඩන් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැයක් ගත වෙන්නට ප්‍රථම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ හමාස් පරාජය කරන තුරු යුද්ධය අවසන් නොවන බවයි.

ඊශ්‍රායලය යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් දැඩි ස්ථාවරයක පසුවුවද එම ජන සංහාරය නැවත දමන ලෙස ලොව දස දෙසින් අවධාරණය කරමින් පවතියි.

නමුත් ඊශ්‍රායලයේ ස්ථාවරයේ වෙනසක් ඇතිව තිබෙන බවක් පෙනෙන්නට නැති නමුත් ඔවුන්ගේ නව යෝජනාව මඟින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් වීමක් පමණක් නුදුරේදී සිදුවනු ඇති.

ගෙවුණු ආසන්නම සති තුනක කාලය තුළ ගාසා තිරයේ සටන් දරුණු වී තිබෙන අතර නිරායුධ පලස්තීනුවන් රැඳී සිටින කඳවුරුවලටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් පැවතීම ඉතා ඛේදජනක තත්ත්වයකට මුල පුරා තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට 36,000කට වැඩි පිරිසක් ඝාතනය වී තිබෙන අතර තවත් 10,000කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...