”ගාසා තීරයේ ගැටුම් නතර කරන්න මේ හොඳම කාලයයි” – ජනාධිපති බයිඩන් කියද්දී හමාස් අවසන්වන තුරු යුද්ධය යනවා – නෙතන්යාහුගෙන් ප්‍රතිචාර!

කොළඹ LNW:ඊශ්‍රායලය විසින් කර තිබෙන යෝජනාවලියත් සමඟ ගාසා තීරයේ ගැටුම් නතර කිරීමට මෙය හොදම අවස්ථාවක් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

පසුගිය ඔක්තෝමබර් 07 වැනිදා සිට මේ වන විට මාස 08ක කාලයක් පුරා එම ගැටුම් ඇවිලෙමින් තිබේ.

ඊශ්‍රායලය විසින් ඉදිරිපත් කර තිබෙන සටන් විරාම යෝජනාව අනුව සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් බයිඩන් ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් පැයක් ගත වෙන්නට ප්‍රථම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ හමාස් පරාජය කරන තුරු යුද්ධය අවසන් නොවන බවයි.

ඊශ්‍රායලය යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් දැඩි ස්ථාවරයක පසුවුවද එම ජන සංහාරය නැවත දමන ලෙස ලොව දස දෙසින් අවධාරණය කරමින් පවතියි.

නමුත් ඊශ්‍රායලයේ ස්ථාවරයේ වෙනසක් ඇතිව තිබෙන බවක් පෙනෙන්නට නැති නමුත් ඔවුන්ගේ නව යෝජනාව මඟින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් වීමක් පමණක් නුදුරේදී සිදුවනු ඇති.

ගෙවුණු ආසන්නම සති තුනක කාලය තුළ ගාසා තිරයේ සටන් දරුණු වී තිබෙන අතර නිරායුධ පලස්තීනුවන් රැඳී සිටින කඳවුරුවලටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් පැවතීම ඉතා ඛේදජනක තත්ත්වයකට මුල පුරා තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රහාර හේතුවෙන් මේ වන විට 36,000කට වැඩි පිරිසක් ඝාතනය වී තිබෙන අතර තවත් 10,000කට වැඩි පිරිසක් අතුරුදහන්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...