මිහිරාන් KNOCK OUT වුණාට ශ්‍රී ලංකාව මිහිරාන්ගෙන් LOG OUT නොවිය යුතුයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 01, කොළඹ (LNW): තායිලන්තයේ පැවති ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ උමයංග මිහිරාන් ට අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙන්න සිඳු වුණා.ඒ වන විට තරග දෙකක්ම පහසුවෙන් ජයගෙන සිටි මිහිරාන් නොකවුට් පරාජයක් ලෙස සටහන් කළ තෙවන තරගයේදී ත් පළමු වටය නිමා වන විට ලකණු 10 – 9 ක් ලෙස විනිසුරුවන් පස් දෙනාම ඔහුව ඉදිරියෙන් තබා තිබුණා.එහෙත් දෙවන වටයේ 2.20 විනාඩියේදී ඉරාන ජාතික පර්විසි මහ්දි එල්ල කළ පහරක් නිසා තරගයේ ප්‍රධාන විනිසුරුව සිටි කැනඩාවේ බ්ලැන්චාඩ් එඩ්වර්ඩ් මිහිරාන් තරගයෙන් ඉවත්කර ඉරාන ක්‍රීඩකයාට ජයග්‍රහණය ලබා දීමට පියවර ගත්තා.


මේ තීරණය සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් සාකච්ඡාවට ගැණුනත්,නැවත එම තීරණය සම්බන්ධයෙන් විමසා බැලීමට සාධාරණ ක්‍රමයක් ඇද්දැයි සැක සහිතයි.ඒ නිසා එම තීරණය සම්බන්ධයෙන් එරෙහිවීමට යම් අවස්ථාවක් ඇත්නම් එය අත නොහැර වැඩියෙන් අවධානය යොමු කළ යුතු වන්නේ මිහිරාන්ගේ බොක්සිං අනාගතයටයි.ඊට හේතුව එය දුර පේන රට ලෝකයට රැඟෙන යා හැකි ශක්තියෙන් සහ බුද්ධියෙන් යුතු එකක් බව පැහැදිළි නිසයි.


මේ වන විටත් සරසවි සිසුවෙකු ලෙස අධ්‍යාපනය ලබන මිහිරාන්,21 හැවිරිදියි.මේ අනුව ඔහු මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ ආසන්නයටම පැමිණ ඉවත් වුවත්,ඔහු ලෝකයට අභියෝග කළ හැකි ක්‍රිඩකයෙක් බව මේ තරගාවලිය පුරාම පැහැදිළි කළා.


සාමාන්‍යයෙන් ක්‍රීඩා සංගම් මෙන්ම ක්‍රීඩාවේ ඉහළම පරිපාලනයත් 2028 ජනවාරි වන තෙක්ම එම ඔලිම්පික් උළෙලට සූදානම් වීම නොසිතීම ශ්‍රී ලංකාවේ තත්ත්වය වුවත්,මිහිරාන් ගැන මේ මොහොතේ සිටම 2028 ඉලක්ක කර ගතහොත් ඔහු සහභාගීත්වයට වැඩි යමක් සිදු කරන්නට ඉඩ තිබෙන ක්‍රීඩකයෙක් ලෙස හඳුනාගත හැකියි.


ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී පැවත්වෙන 2028 ඔලිම්පික් තරගාවලිය ඉලක්ක කර ගෙන මේ සරසවි සිසුවාගේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාවද ගොඩ යන ආකාරයේ සැළසුමකට ශ්‍රී ලංකා බොක්සිං මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද මැදිහත්ව පිවිසෙන්නේනම් එය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් පදක්කම් සිහිනය සැබැ කර ගන්නට හැකි උත්සාහයක් විය හැකියි.


මේ වන විට අපි තරගය නැවත්වීම සම්බන්ධයෙන් තරග තීරකවරයා ගත් තීරණය අභියෝගයට ලක් කිරිම නිල වශයෙන් සිදු කර ඇද්ද යන්න නොදන්නෙමු.එහෙත් ඉතිහාසයේ එවැනි ඇතැම් තීරණ සම්බන්ධ ගත් පළමු තීරණය පරීක්ෂණ මඟින් වෙනස් වී තිබෙන බව අපි දනිමු.මෙහිදී නොකවුට් ලෙස ගනු ලබන තීරණයක් ප්‍රධාන විනිසුරුවරයෙක් ගනු ලබන්නේ ක්‍රීඩකයාගේ ජීවිත අවදානම ගැන ද සිතා වන බැවින් එයට අභියෝග කළ හැකි ද යන්න සැක සහිතය.


මෙවැනි සිඳුවීම් නිසාම ලෝකයේ බොක්සිං ක්‍රීඩාව සම්බන්ධයෙන් පැන නැඟී තිබෙන ගැටළුකාරී තත්ත්වය නිසා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බොක්සිං තරග සඳහා ජාත්‍යන්තර සම්මේලනයෙන් බැහැරව විනිසුරුවන් යොදා ගැනීම ටෝකියෝ ඔලිම්පික් උළෙලේදි ද දකින්නට ලැබිණි. මේ එම අසාධාරණ තීන්දු ලබා නොදෙන විනිසුරුවන් ලෙස හඳුනාගෙන භාවිතයට ගන්නා පිරිස වුණත් කෙතරම් ගල් වැලි ඉවත් කළ ද,හාල්වල පුංචි හෝ වැලි කැටයක් තිබිය හැකිවීමේ සම්භාවිතාව සියයට සියයක් නොවෙන්නට ඉඩ ඇත. ඒ මේ වන විටත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ බොක්සිං නිල සංගමය අතර දුරස්වීම සහ එකඟතාවන් බිදීමට විශාල වශයෙන් බලපා ඇත්තේ විනිසුරු ක්‍රියාවන් යන්න ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක් වන බැවිනි.


මේ තත්ත්වය නිසාම දැඩි විනයානුකූල තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර බොක්සිං සංගමය විනිසුරු කේෂ්ත්‍රයේ දියුණුව උදෙසා ක්‍රියාත්මක වෙමින් තිබුණත්,මූලික වශයෙන් ඇති වූ බෙදීම තවමත් නිරාකරණය කර ගන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය එකඟතාවකට පිවිසීම මඟ හරිමින් සිටියි.ඒ නිසා අලුත්වීමේ විශ්වාසය සමඟ සාධාරණත්වයට ඇති ඉඩ පළල් නොවීම නිසා, ලේ හලමින් කරන බොක්සිං වැනි ක්‍රීඩාවක නිසි ඇගයීමක් සිඳු නොවන අමානුෂික තත්ත්වයන් ගැන සැක සංකා මතුවෙමින් තිබෙන්නේය.ඒ නිසා ප්‍රධාන විනිසුරු එඩ්වඩ්ගේ තීරණය සම්බන්ධයෙන් කුකුසක් මතු කිරිම අසාධාරණ ලෙස ඉවත දැමීම කළ නොහැකිය.ඇත්තක් තිබිය හැකිය.


එහෙත් එයට වෙනත් විසඳුමක් ලැබෙනු ඇතැයි සිතීම නොහැකි නිසා මේ වන විට මිහිරාන් වඩාත් ශක්තිමත් ලෝකය දන්නා ක්‍රීඩකයෙක් කිරීමට ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් යහපත් මැදිහත් වීමක් කළ යුතුය.ඔහු නොකවුට් වීම මිහිරාන්ගේ බොක්සිං නොකවුට් විමක් කර ඔහු ලංකාවේ බොක්සිං වළල්ලෙන් ලොග් අවුට් නොකර රැක ගැනීමට වැඩ සැළසුමක් ඉතා ඉක්මණින් ආරම්භ කළ යුතුව ඇත.


අද ගෙවෙන තැන හෙට සිට ශ්‍රී ලංකාව මිහිරාන්ව දිනවන වැඩේට රටක් හැටියට අත ගසන්නට සූදානම් විය යුතුව ඇත.ජීවිතයේ අනේක විධ බර අධ්‍යාපනික වෙහෙස ආදිය නොදැනෙන සුවපත් මනසකින් සහ කයකින් මිහිරාන්ව හොඳම ගැලපෙනම බොක්සිං බිමක රැඳවීම ජාතික යුතුකමක් ලෙස සිතිය හැකිනම්,ඔහු වෙනුවෙන් කැපවෙන අනුග්‍රාහකත්වයකට යා හැකිනම් මීට වඩා යහපත් රසවත් කතාවන් ඔහු ශ්‍රී ලංකාවේ සතුට වෙනුවෙන් නිර්මාණය කළ හැකි දක්ෂ ක්‍රීඩකයෙක් බව කිව යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...