වර්ණභේදවාදය අවසන්ව 30 වසරකට පසු මැතිවරණයෙන් මැන්ඩෙලාගේ පක්ෂයට අන්ත පරාජයක්

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු අප්‍රිකාවේ පසුගිය බදාදා (29) පැවති ජාතික මැතිවරණයේ නිල ප්‍රතිඵල මේ වන විට නිකුත්ව තිබේ.

ඒ අනුව,වසර 30කට පෙර වර්ණභේදවාදය අවසන් වීමෙන් පසුව නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් ආරම්භ කළ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට බලය අහිමිව ඇති බව වාර්තා වන අතර පළමු වතාවට දකුණු අප්‍රිකාව නව දේශපාලන මාවතකට යොමුව තිබේ.

ඡන්දය ප්‍රකාශ කළ 99%ක දිස්ත්‍රික්ක වලින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) ලබාගෙන ඇත්තේ 40%ක ප්‍රතිශතයකි. මෙය පසුගිය මැතිවරණයෙන් 57%ක් ලබා ගැනීමට සාපේක්ෂව විශාල පහත වැටීමකි. මෙම ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවේ රැඳී සිටීමට සහ දෙවන සහ අවසාන ධුර කාලය සඳහා නැවත තේරී පත්වීම සඳහා ජනාධිපති සිරිල් රමපෝසා ට සභාග හවුල්කරුවෙකු හෝ හවුල්කරුවන් සෙවීමට අවශ්‍ය වනු ඇත.

මිට අමතරව මෙවර තරඟ කළ මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (DA) 22%ක් හා හිටපු ජනාධිපති ජේකබ් සූමාගේ නායකත්වයෙන් යුත් නව MK පක්ෂය 15% ක් ලබා තුන්වන ස්ථානයේ රැඳී සිටියි.

ගැඹුරු දරිද්‍රතාවයෙන් හා අසමානතාවයෙන් පෙළෙන රටකට වැදගත් ඉදිරි ගමනක් ලෙස මෙය සැලකෙන අතර මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක ජෝන් ස්ටීන්හුයිසන් සඳහන් කර තිබුණේ, දකුණු අප්‍රිකාව ගලවා ගැනීමේ ක්‍රමය නම් ANC හි බහුතරය බිඳ දැමීමයි, අපි එය කර ඇත්තෙමු”යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...