*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

(VIDEO):ඔක්කොම තරු විසිවෙලා රංගේ තරුව වෙයි.ආණ්ඩුවම කම්බස්!

කොළඹ LNW:පසුගිය දිනවල දේශපාලන පිටියේ තරුව බවට පත්වෙලා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කල් දාන්න විපක්ෂය හරහා යෝජනා ඉදිරිපත් කරවා ගන්න ගිහින් ඇරගත්ත ඇරගනිල්ල තාමත් ඉවරයක් නැහැ. දේශපාලඥයින් අහුවෙන තැනක මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය වෙන්නෙත් රංගේ බණ්ඩාරගේ ඒ කතාව. විශේෂයෙන් ජනාධිපතිවරණයක උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබෙන පසුබිමක රංගේ බණ්ඩාර එලෙස ව්‍යස්ථා විරෝධී කතාවක් කියන්නේ ඇයි? එය රංගගේ හිතළුවක් පමණක් නොවන බව දැනටමත් පැහැදිලි වෙලා තියෙන්නේ.

ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ජාතික මැතිවරණයක් වසර දෙකක පමණ කාලයකට පස්සට ගැනීම ගැන ප්‍රසිද්ධියේ කතාවක් කීමට තරම් රංගේ බණ්ඩාරට තනි පුද්ගල හැකියාවක් නැහැ. ඔහු කියන්නේම එක්සත් ජාතික පක්ෂයේ පොදු අදහස. හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව රනිල්ගේ බව තමයි විපක්ෂය තවදුරටත් චෝදනා කරන්නේ

රටේ සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙල මත හිඳිමින් මැතිවරණ කල්දැමීමේ යෝජනාව වජිර අබේවර්ධන හරහා පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවද එය සම්මත කරගැනීම සඳහා නම් ඉඩක් ලැබෙනු ඇතැයි විශ්වසය පළකළ නොහැකියි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකගෙන් හා ජනමත විචාරණයකින් රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයා වෙත එම ධූර කාලය තවදුරටත් දීර්ඝ කරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි බාහිර පරිසරය නිරීක්ෂණය කිරීමෙන්ද තහවුරු කරගැනීමට අපහසු කාරණයක්. පවතින ජාතික මැතිවරණ අවශ්‍යතාව මෙන්ම ඊට සිදුව තිබෙන මානසිකව පෙළගැස්ම මත එක එක වංගු නොගහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව යමින් ජනාධිපතිවරණය කැඳවීමට සිදුවෙනවා.

මේ අතර දේශපාලනයේ පෙරළි කෙරුම්කාරකම් කොයි මොහොතේ වෙනස් වෙයිද කියන්න බැහැ. බලය පවත්වාගෙන යාම වෙනුවෙන් ව්‍යවස්ථාවේ හිල් හොයලම කප් ගහපු රටක මොනවද වෙන්න බැරි. ඒ නිසාමද කොහෙද එදා මැතිවරණ සිතියම හකුලපු ජේ ආර් ගේ ලාම්පු කළගෙඩි සෙල්ලම මෙදාට වලංගු නැති බව විපක්ෂය දැනටම කියල තියෙන්නේ. කොයි හැටි වෙතත් රංගේ බණ්ඩාර කරපු ප්‍රකශය සම්බන්ධයෙන් ජනාධිපති වික්‍රමසිංහ පැහැදිලි කිරීමක් කිරීම වෙනුවට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පවත්වන්න සූදානම් කියලත් ඒ වෙනුවෙන් මුදල් වෙන් කර තිබෙන බවත් පැවසුවා. නමුත් එක්සත් ජාතික පක්ෂය විදිහට රංගේ බණ්ඩාරගේ කතාව සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන නැති බව තමයි පේන්න තියෙන්නේ. මොකද පහුගියදා ආශු මාරසිංහත් රංගේ බණ්ඩාරගේ කතාව ගැන පැහැදිලි කිරීමක් කරමින් එය හොඳ තර්කයක් බව පැවසුවා. ජනතාව ජන්ද ඉල්ලා නොමැති බවත් ඔහු පවසනවා.

කොහොමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලය අවසන් වෙද්දී ඔය පුටුවට ආයුබෝවන් කියල තමයි අපහු එනවා නම් එන්න වෙන්නේ. මොකද විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වෙන පොහොට්ටුවත් මැතිවරණ කල්දැමීමට විරුද්ධයි. මේ මැතිවරණ කල් දාන්න ඕනේ කියන කතාවට රංගේ ගේ නම නොකියා රංගේට මෝඩයා කියලම පොහොට්ටු ලේකම් මාධ්‍ය හමුවකදිම ප්‍රසිද්ධියේ පැවසුවා. පේන්න තියෙන තත්ත්වය අනුව රංගේ ගේ කතාව ඇතුලේ තියෙන එජාප වුවමනාවට පොහොට්ටුවත් විරුද්ධයි. විපක්ෂයේ පක්ෂත් විරුද්ධයි. ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද පෙන්නලා වුණත් පාර්ලිමේන්තුව ඇතුලේ ගොඩ දා ගන්න එක ලේසි නැහැ. ඒ නිසාමද කොහෙද රංගේ බණ්ඩාර තමන් කරපු ප්‍රකාශය ගැන යළි සදුදට විශේෂ ප්‍රකාශයක් කරනවා කියල කිව්වේ.

ආණ්ඩුවට විපක්ෂයෙන් තියෙන විරෝධය තවදුරටත් උඩට ඉස්සුන රංගේ බණ්ඩාරගේ යෝජනාව නිසා මුළු එජාපයම ඇදගෙන නාගත්තා කියලයි බොහෝ දෙනා කියන්නේ. සංවර්ධන වැඩපිළිවෙලවල, IMF යෝජනා කියන එජාපය කියන ඔවුන්ට සාධාරණ කතා ටික ව්‍යවස්ථාවට හරස් වෙනවා නම් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම තමයි දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රමුඛ එජාපයට හතර වටෙන් ගහන්නේ. ඒ ගැහිලි මැද්දෙම ඔවුන් කියන්නෙත් අපි වැල් පාලම කඩා ගන්නෙත් නැහැ කියල. ඔය හැම කතාවක් දිහාම හොඳ සෙවිල්ලෙන් බලන්නම වෙනවා. රංගේ දාපු මුට්ටිය අනුව රනිල් වුණත් වැඩේ අතහරින්නේ නැහැ. ඒ නිසාම දේශපාලනය තුළ වඩා හොඳම දවස් වෙන්නේ ගෙවුණු දවස් නෙවෙයි ඉස්සරහට එන්න තියෙන දවස්. ඉතිං බලන් ඉමු, මේ සියලු කෙළි අස්සේ ජනතා මතය ලියවෙන්නේ කවුරු ඉදිරියෙන්ද කියල.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan