ඉන්දියාවේ දැවෙන උණුසුම සහ ජලය නොමැතිකම හේතුවෙන් අසරණ වන දුප්පතුන්ගේ ජිවිත

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ චානක්‍යපුරිහි මේවන විට සෙල්සියස් අංශක 49.9 හෝ ෆැරන්හයිට් 121 ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර එහි මුඩුක්කුවල ජිවත් වන ජනතාවට පානිය ජලය පවා නොමැත.

ටකරන් වහල වලින් යුත් පැල්පත්වල බලාපොරොත්තු සුන් වූ ජනතාව පානීය ජලය ලබා දෙන තෙක් බලා සිටිති. ජලය ට්‍රක් රථවලින් බෙදා හැරියද එය ප්‍රමාණවත් නොවේ. කෙතරම් උණුසුම දැඩි වුවද ඔවුන් බොහොමයකට එළිමහනේ කම්කරු රැකියා කිරීමට සිදු වේ. වෙනත් විකල්ප නැත.

කෙසේ නමුත් වාර්තාගත උණුසුම උතුරු ඉන්දියාව ග්‍රහණය කරද්දී, දිල්ලි ආන්ඩුවට මෙම නොමිලේ ජල බෙදා හැරීම සලාක කිරීමට මේ වන වී සිදුව ඇති අතර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, දිල්ලියේ උෂ්ණත්වය පසුගිය සතිය පුරා සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ මට්ටමක පැවති අතර අඟහරුවාදා එය අගනුවර එක් ප්‍රදේශයක සෙල්සියස් අංශක 49.9 ක සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කළ බවයි. එමෙන්ම, වයඹ සහ මධ්‍යම ඉන්දියාවේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවන අතර සමහර නගර අංශක 50 සීමාවා ඇත.

මේ වන විට උෂ්ණත්වය ඉහලයාම හේතුවෙන් තාප ආඝාතය නිසා අවම වශයෙන් එක් මරණයක් වාර්තා වී ඇති ඔහුද 40 හැවිරිදි කම්කරුවෙකි. රට පුරා තවත් වාර්තා නොවූ මරණ ඇති බව විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් දිල්ලියේ රාම් මනෝහර් ලෝහියා (ආර්එම්එල්) රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අජේ ශුක්ලා සඳහන් කර තිබුණේ, උෂ්ණත්වයේ මරණ අනුපාතය ඉතා ඉහළ යා හැකි බවත් එය 60% සිට 80% දක්වා ඉහල යා හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...