*
Monday, June 2, 2025
spot_img

Latest Posts

ආයෙ කතා කරන්න බැරි වෙන්නම ලුණු රටින් ගෙන්වනවා. අවුරුද්දකට හරියන්න ලුණු ගේන්න අවසර දුන්නා – ඇමති වසන්ත

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලුණු අවශ්‍යතාවයටම සරිලන ප්‍රමාණයක්, එනම් ලුණු මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් ආනයනය සඳහා දැනටමත් අවසර ලබාදී ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ප්‍රශ්නය – අපි දැක්කා ලුණු ප්‍රශ්නයක් ඇතිවෙනවා, හාල් ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේවාට මොනවගේ විසඳුම්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ ?

“දැන් මහ කන්නය කපලා ඉවරයි. හාල් ප්‍රශ්න ප්‍රශ්න කිව්වාට අර නැති ප්‍රශ්න හොයනවා වගේ එකක් තමයි මේ තියෙන්නෙ. ලුණුත් එහෙමයි. ලුණුවල ප්‍රශ්නයක් ආවා මාර්තු අස්වැන්න හිටියා, බැරිවුණා, කුණාටු තත්වයක් ආවා. ආපහු මැයි අස්වැන්න ගන්න හිටියා, බැරිවුණා. ඒ නිසා අපි ලුණු වෙළඳපොල විවෘත කරලා දැන් ජුනි මාසෙ 10 වෙනිදා වෙනකල් ලුණු එනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ආහාර පාලක ඒකකයෙන් මෙට්‍රික් ටොන් 200,000 කට ආනයනයට අවශ්‍ය අවසර අරන් තියෙනවා. ලක්ෂ දෙකක් කියන්නෙ අවුරුද්දකට අවශ්‍ය ලුණු. ඒ නිසා ලුණු ගැන ආයෙ කතාකරන්න බැරිවෙන්නම දැන් ලුණු ගේන්න හදනවා. ඉතින් මේ 10 වෙනිදා වෙනකොට විශාල ලුණු තොගයක් ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ලුණු ප්‍රශ්නය දැනටමත් අවසන් වෙලා තියෙන්නෙ, මොකද ඊයෙ දවසෙත් මෙට්‍රික් ටොන් 4,192ක් නිදහස් කරලා තියෙනවා වරායෙන් එළියට. ලුණු ප්‍රශ්නෙ ඉවරයි”

ප්‍රශ්නය – ඔබතුමන්ලා බලයට එන්න ඉස්සෙල්ලා කිව්වේ මේවා ආනයනය කරන්නෙ නෑ, රටේම හදනවා කියලානෙ. දැන් මොකද ඒ ගැන කියන්නෙ ?

“ඔව්, ලුණු හදනවා කියන ක්‍රියාවලිය නිකම් ගඩොලක් කපනවා වගේ වැඩක් නෙවෙයිනෙ. අපට ස්වයංපෝෂිත ලුණු කර්මාන්තයක් තිබුණා. නමුත් කාලගුණය නිසා අවශ්‍ය වෙලාවට අස්වැන්න වැඩිපුර හදාගන්න තිබුණු වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා තව ලුණු කර්මාන්තශාලා දෙක තුනක් රට ඇතුළෙ පටන් ගන්නවා. හිඟයක් ඇතිවුණාම කොහෙන් හරි බඩු ගෙනල්ලා ජනතාවට ලබාදෙන එක තමා ආණ්ඩුවෙ වගකීම, අපි ඒක ඉටු කරමින් ඉන්නවා”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan