ඥානසාර හිමිගේ අවුරුදු 08 ක් පරණ කේස් යළිත් මතුවෙයි – නඩු පවරන්නැයි නීතිපතිගෙන් උපදෙස් !

Date:

දණ්ඩ නීති සංග්‍රහයේ 291A වගන්තිය යටතේ, බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ වැළැක්වීමේ අංශයේ නිළධාරීන් විසින් ඊයේ (31) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව සඳහන් කළේය.

ආගමික හැඟීම්වල හානි සිදුවන ප්‍රකාශ සිදුකර ඇති බවට ඥානසාර හිමිට චෝදනා එල්ල වී ඇති අතර ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමට නියමිතය.

2014 වසරේ අප්‍රේල් 12 වැනිදා ඥානසාර හිමි මාධ්‍ය හමුවකදී, ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරාණය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අදාල උධෘත නීතිපතිවරයා වෙත යොමුකර තිබිණි. අදාල උධෘත විමසා බැලීමෙන් පසුවයි ඥානසාර හිමිට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...