දේශබන්දු තෙන්නකෝන් අද පොලිස් අත්අඩංගුවට?

Date:

මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා සිටින ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය තුළදී අත්අඩංගුවට පත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.

මැයි මස 09 වැනිදා මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වූ අතර මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙනවා.

තෙන්නකෝන් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් කටයුතු කළ අතර ඔහු එහිදී පවසා තිබුණේ අරලියගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිස විසුරුවා හැරීමට කටයුතු නොකරන ලෙස පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා දුරකතන මාර්ගයෙන් තමාට නියෝග කළ බවයි.

එම ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකතනය රහස් පොලිස් නිළධාරීන් භාරයට ගත් අතර දුරකතන දත්ත හරහාද විමර්ශන කරමින් සිටී.

අදාල විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා රහස් පොලිස් නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ එකෙක්වත්, අපට සම්බන්ධ එකෙක්වත් අපට නිකමටවත් කතා කරන්න එපා මත්ද්‍රව්‍ය අහුවෙලා කියලා – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික මෙහෙයුම...

බෙරලපනාතර සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව සැරටම පරාදයි !

මාතර දිස්ත්‍රික්කයේ බෙරලපනාතර සමූපකාර සමිතියේ නිලවරණයේදී ද ජාතික ජන...

පිලිපීනයට බලපෑ 21ක් වන සුළි කුනාටුව හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පිලිපීනයට බලපෑ...

නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : මෙරට ක්‍රියාත්මක නිදහස්...