පොලිස්පතිවරයා රාජ්‍ය සේවා කොමිසමේ බලතල ඉක්මවමින් කටයුතු කරලා – දින 03 ක් ඇතුළත හේතු දක්වන්නැයි නියෝග!

තම කොමිසමේ අනුමැතියකින් තොරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ස්ථාන මාරුකර යැවීම සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත කරුණු දක්වන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්.ඒ.බී. දයා සෙනරත් මහතා විසින් ලිඛිතව දන්වා ඇත්තේ අදාල ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වන බව පෙන්වා දෙන ලේකම්වරයා පවසන්නේ මෙම නිළධාරීන් තිදෙනා මාරු කිරීමේදී පොලිස්පතිවරයා රාජ්‍ය සේවා කොමිෂන් සබාවේ බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි.

2020 නොවැම්බර් 20 දිනැති අංක 2002/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල ඉක්මවා කටයුතු කිරීමට පොලිස්පතිවරයාට බලයක් නොමැති බවද කොමිසම අවධාරණය කරයි.

සේවා අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එම්.ඩී.ආර්. දමින්ද, කේ.ඒ. රෝහණ සහ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්‌.කේ.ඩබ්.ඒ. සිල්වා යන මහත්වරුන්ට ස්ථාන මාරු ලබාදීමට පොලිස්පතිවරයා පසුගිය 27 වැනිදා කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...