“මිතාලි එක්ස්ප්‍රස්” තෙවන දුම්රිය සේවය අද සිට

Date:

ඉන්දු-බංග්ලාදේශ නවතම දුම්රිය සේවය වන “මිතාලි එක්ස්ප්‍රස්” අද එනම් ජූනි 1 දා සිට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ නව ජල්පයිගුරි දුම්රිය ස්ථානයේ සිට බංග්ලාදේශයේ ඩකා දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ දේරට අතර ධාවනය වන තේවන දුම්රිය සේවයයි.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි , එවකට බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා සමඟ එක්ව 2021 මාර්තු 26 වන දින ඩකා සිට වීඩියෝ මාධ්‍ය මගින් අමතමින් නව ජල්පයිගුරි සිට ඩකාහි මිතාලි දක්වා අධිවේගී දුම්රිය සේවාව ආරම්භ කරන ලද්දකි.

ඒ, බංග්ලාදේශයේ නිදහසේ පනස් වසර සැමරීම සඳහාය.එමෙන්ම බංගබන්ධු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ ජන්ම ශත සංවත්සරය සැමරීමද මෙම දුම්රිය ආරම්භ කිරිමේ සේවයේ අරමුනක්.

අද සිට ක්‍රියාත්මක වන දුම්රිසය සේවය ඉන්දියාව සහ බංගලාදේශය අතර ගමන් කරනු ලබන තුන්වන දුම්රිය සේවය බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

මිතාලි එක්ස්ප්‍රස් දුම්රිය, බංග්ලාදේශයේ අගනුවර වන ඩකා සමඟ ඉන්දියානු ද්විත්ව නගර වන ජල්පයිගුරි සහ සිලිගුරි සම්බන්ධ කරන ජාත්‍යන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවකි.

මෙම දුම්රිය සේවය ආරම්භක මොහොතේ සිට ඩකා කැන්ටන්මන්ට් දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, පර්බතිපූර් සහ චිලහාටි හි නතර කර පසුව දේශසිමා මායිම හරහා හල්ඩිබාරි වෙත ගමන් කරයි.

ඩකා සහ චිලහාටි අතර දුර කිලෝමීටර් 453 ක් වන අතර චිලහාටි සිට නිව් ජලපයිගුරි දක්වා කිලෝමීටර 71 කි. එම ප්‍රදේශයේ සිට ඉන්දියාවට ගමන් කරන මගීන් සඳහා චිල්හාටි හි අමතර කෝච් දෙකක් සපායා ඇත.

සමස්ථ දුර කිලෝමීටර් 524 ක් පැය නවයකින් ආවරණය කරන මෙමනව දුම්රිය සේවය, වායුසමනය කළ මැදිරි හතරක් ද ඩීසල් එන්ජිමකින්ද සහිත දුම්රියකි.

මෙම දුම්රිය සේවාවේ ගාස්තුව ඩොලර් අගය මත, ගණනය කිරීම සිදු වේ.

නමුත් New Jalpaiguri දුම්රිය ස්ථානයේ වුවද, ගනුදෙනු සිදු කරනු ලබන්නේ ඉන්දියානු රුපියල භාවිතා කරමිනි.

යම් මාසයක ප්‍රවේශපත්‍ර ගාස්තුව එම මාසයේ පළමු දිනයේ දී ඇමෙරිකානු ඩොලර් සමඟ ඉන්දියානු රුපියලෙහි විනිමය අනුපාතිකය මත තීරණය කෙරේ

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...