මහ බැංකු නිළධාරීන් කිව්වෙ බොරු – මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකුගෙන් කෝප් සභාපතිට ලිපියක් !

Date:

පසුගිය මැයි 25 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී තමා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සහ එල්ල කළ චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන සමන්ත කුමාරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව සතු ඩොලර් සංචිත නිදහස් කිරීමට මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්මත වීම සඳහා සමන්ත කුමාරසිංහ මහතාගේ එකඟතාවය තීරණාත්මක වූ බවට, එකී මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය රාණි ජයමහ මහත්මිය කෝප් කමිටුව හමුවේ අනාවරණය කළේය.

කෙසේ නමුත් සමන්ත කුමාරසිංහ මහතා පවසන්නේ එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. එම යෝජනාවට රාණි ජයමහ මහත්මිය විරුද්ධ වූයේ නම් එම තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ හැකියාව ඇයට තිබූ බවත්, කෙසේ නමුත් ඇය එසේ සිදු නොකළ බවත් කුමාරසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව කාර්‍යක්ෂම කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලවල...

2026 Rolls Royce Motorhome – මීළඟ පරම්පරාවේ සැලසුම් සහ තාක්ෂණයෙන් අනූන අති සුඛෝපභෝගී RV රථය!

සටහන – පුලී දෙසැම්බර් 11, කොළඹ (LNW): 2026 රෝල්ස් රොයිස් මෝටර්හෝම්...

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවලු කිලෝ ලක්ෂයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද(11) දින, නුවරඑළිය...

ජනාධිපති ට්‍රම්ප් ඩොලර් මිලියනයක් වටිනා නව විසා කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 11: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...