මීගොඩ ප්රදේශයේ පැවති දන්සලක් අසල පෝලිමේ සිටි පිරිසක් අධික වේගයෙන් පැමිණි කැබ් රථයකට යටවීම හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අවිස්සාවේල්ල ප්රදේශයේ සිට කොළඹ දෙසට ධාවනය වූ අදාළ කැබ් රථය දන්සැලේ පෝලිමේ සිටි පිරිස යටකරගෙන පළායාමට උත්සාහ කර ඇති බව සඳහන්.
අනතුරින් මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවකු ඇතුළු තවත් හත් දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදු කළ කැබ් රථයේ රියදුරා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇතැයි අනාවරණය වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.


