මහ බැංකුව ගත් තීරණය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කර ඇත .

ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය  14% ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇති අතර බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මහබැංකුව නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි.

මැයි මාසය අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ඇති බව මහ බැංකුව පවසන අතර , පසුගිය අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශන ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

තවද, ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 454ක ප්‍රේශන ලැබී ඇති බවයි.

පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පැවතිය ද 2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීම ඉහළ ගොස් ඇති අතර මහ බැංකුව සඳහන් කළේ මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වු කාලය තුළ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 591ක් ලෙස වාර්තා වි ඇති බවය.

                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...