*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාව එක්ක කරන සෙල්ලම්

ක්‍රීඩා අමාත්‍යංශයේ නොසැලකිල්ල නිසා කොරියාවේ පැවත්වෙන ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා කරගාවලිය සදහා සහභාග වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට නම් කර සිටි කාන්තා නිලධාරිණියට සහ කළමණාකාරවරයාට තරග උළෙලට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.ඒ මැයි 31 වන දා පිටත්ව යාමට නියමිතව සිටි මලල ක්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අනුමැතිය ලබා දෙමින් විජේතුංග නම් සංවර්ධන අධ්‍යක්ෂවරයෙක් අත්සන් තබා ඇත්තේ මැයි 30 වන දා යි.මැයි 30 වන දා පස්වරු 12.45 ට පමණ එම අවසර ලිපිය ලැබෙන අතර ගුවන් යානය යෙදී තිබුණේ 31 වන දා යි.මේ නිසා එම දෙදෙනාට වෙනත් විකල්පයකට යාමට හෝ ඉඩක් යෙදී තිබුණේ නැහැ.

පාසල් සිසුන් සමඟ අධ්‍යාපන අමාත්‍යංශය හා සමබන්ධකමක් ඇති අයෙක් කාන්තා නිලධාරිණිය සේ සහභාගි නොවීම ගැන මීට පෙර ලෝක සූරතා තරගාවලියකදී නයිජීරියාවේදී ද ගැටළුවක් ඇති වුණා.එහෙත් අධ්‍යාපන කේෂ්ත්‍රයට සම්බන්ධ සුනේත්‍රාගේ නම කපා හැරීමට ක්‍රිඩා අමාත්‍යංශය ක්‍රියා කර තිබෙනවා.සභාපතිවරයා සේ සහභාගිවීමට නියමිතව සිට ඇත්තේ මලල ක්‍රීඩා සංගමයේ උප සභාපතිවරයෙක් සහ වෙළද සේවා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ද වන ප්‍රසන්න ඉන්දිකයි.වැඩි අවධානයක් වෙළද සේවා අංශයට දී ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වෘත්තීමය තත්ත්වයක් ඇති කිරීම අවශ්‍යයතාවය පිළිබඳව සාකච්ඡා කළ යුතු පුද්ගලයෙක් මේ ආකාරයට නොසළකා හැරීම ලංකාවේ ක්‍රීඩාවේ ඛේදවාචකයකි. අඩුම තරමේ පසුව තරගාවලියට සහභාගිවීමට හෝ අවස්ථාවක් නොදී අවසාන මොහොත වන තෙක් පමා කර මෙවැනි තීරණ ගැනීම අමාත්‍යංශයේ අධිපතිවාදී බලය පෙන්නීමක්ය.

විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ පුහුණුකාරියක පාසල් කණ්ඩායම සමඟ එක් කර ඇත.ඇයගේ ක්‍රීඩිකාවක කණ්ඩායමේ සිටින බැවින් එය උචිතය.එහෙත් අධ්‍යාපන කේෂ්ත්‍රයට අයත් තැනත්තියක පාසල් සිසුවියන් වෙනුවෙන් යෙදවීමට යම් නීතිමය පසුබිමක් ඇත.මේ ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ 2004/29 චක්‍රලේඛය නොසළකා හැර ඇත.
කොලොම්ඹියාවේ පැවති ලෝක සූරතා කණිෂ්ඨ මලල ක්‍රිඩා සූරතාවලියේ දී මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශය නිවරදිව කටයුතු නොකිරීම නිසා සහභාගි වූ ක්‍රීඩකයෙක්ට සහ ක්‍රීඩිකාවකට ඉසව් දෙකකට සහභාගි වීම ද මඟ හැරිණ.මෙම තරගාවලියට ද සහභාගි වන තරුෂි කරුණාරත්න එම කණ්ඩායමට අයත්ව සිටි,ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තු තබා සිටියත් ඇයගේ සුවිශ්ෂී ඉසව්වට කොළොම්ඹියාවේදී සහභාගි වීමට නොහැකි වූයේ එදා ක්‍රීඩා අමාත්‍යංශය සහ මලල ක්‍රීඩා සංගමයේ අදූරදර්ශි ක්‍රියා කලාපය හේතුවෙන්ය.

එහිදී සහභාගි වූ කණ්ඩායමේ ක්‍රීඩා කණ්ඩායමේ පිරිසකට කොවිඩ් ආසාධනය වූ අවස්ථාවේ දී ක්‍රිඩිකාවන් භාර නිලධාරිනිය කණ්ඩායම හැර ශ්‍රී ලංකාවට පැමිණියේ ක්‍රීඩිකාවන්ද පිරිමි පුහුණුකරුට භාර දෙමින්ය.එවර ද අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය නොකළ නිලධාරිනියක එහි නොසිටි බැවින් විශාල ප්‍රශ්නයක් ඇති වුව ද ක්‍රීඩා අමාත්‍යංශය මෙවරද එම වරදම සිය අනුමැතිය ලබා දීමේදී සිදු කර ඇත.
කිසිදු සම්ප්‍රදායක් සහ ක්‍රිඩාවේ අනාගතයට වැදගත් වන කරුණු නොසළකා හරිමින් හිස් ගෙඩි ප්‍රමාණය පමණක් ගණනය කරමින් මෙම තීරණ ගන්නට ක්‍රිඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය හිමිව ඇත.ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමා ක්‍රිඩා පණතෙන් සියලු බලය හිමිව ඇති බව පෙන්වමින් ක්‍රීඩාව හා සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යංශය පවා නොසළකා හරින්නටය.ක්‍රීඩා අමාත්‍යංශයට සමබන්ධ පිරිස් ද ක්‍රීඩා අමාත්‍යවරයාට යම් යම් උපදෙස් ලබා දීමේ වගකීම් දරමින් කටයුතු කරන තත්ත්වයක එම නිලධාරීන්ද මේ තත්ත්වය අමාත්‍යවරයාට පහදා දීමට නොයන්නේ ඇත්තටම අමාත්‍යවරයාට මඟ පෙන්වීම වෙනුවට අමාත්‍යවරයාගේ කීම් අනුමත කිරීම ඔවුන්ගේ කාර්යභාරය වී ඇති නිසා ද යන්න මෙහිදී සැළකිල්ල යොමු විය යුතු තත්ත්වයකි.

මෙවැනි සැලසුම් සහගතව ක්‍රීඩා උලෙලකට සහභාගි වන කණ්ඩායම් අවසාන මොහොතේ දී අපහසුවට ලක් වන අන්දමෙන් කටයුතු සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කිරීම අනුමත කළ නොහැකි තත්ත්වයකි. මෙහිදී අපහසුතාවයට පත්වන්නේ ක්‍රීඩාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. මේ තත්ත්වය හමුවේ 31 දා පිටත්වීමට තිබෙන කණ්ඩායමේ කළමණාකරු බව 30 දා පස්වරුවේ දැන ගන්නා ක්‍රීඩා අමාත්‍යංශයෙන් පත් කළ පුහුණුකරුට දිනක් ඇතුළත කණ්ඩායම් කළමණාකරුගේ සැලසුම් භාර ගන්නට සිදු වි ඇත. එසේම ඔහුට කොරියාවේදී සැලසුම් කළ පරිදි පුහුණුකරු සම්බන්ධ වගකීම්වලට අමතරව කළමණාකරු ලෙස කටයුතු කරන්නට පැවරීමද දරන්නට සිදුවනු ඇත.
මේ අමාත්‍යංශයේ වගකීම් විරහිත ක්‍රියා කලාපයන් සමඟ ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක කණ්ඩායම අටකි.ඒ අට දෙනාට අයත්වන ක්‍රීඩිකාවන් හතරකි.ක්‍රීඩකයින් හතරකි.එම ක්‍රීඩකයින් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වී ඇත්තේ කුමන පාසල් හරහා ද සහ ඔවුන් සහභාගිවන ඉසව්වන් හී මූලික තරග පැවත්වීමට යෝජිත දිනයන් හා වේලාවන් ද පහතින් දක්වා ඇත.ඉන් ඉසව් කිහිපයකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහභාගි වන්නේ සෘජුව අවසාන තරගවලටය.

ක්‍රීඩකයින්
මෙරෝන් විජේසිංහ – ආනන්ද විද්‍යාලය කොළඹ – මීටර් 100 මූලික තරග – ජූනි 4 දා පෙ.ව.10.15
ෂෙහාන් ඩිල්රංග – වලල ඒ.රත්නායක විද්‍යාලය – මීටර් 800 මූලික තරග -ජූනි 4 දා ප.ව.17.45
විනෝද් ආරියවංශ – ශාන්ත ඇලෝසියස් විද්‍යාලය – මීටර් 400 කඩුලු මූලික තරග – ජූනි 5 පෙ.ව.10 .40
මලිත් යසිරු -කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය -තුන් පිම්ම අවසාන තරගය -ජූනි 5 ප.ව.17.40

ක්‍රීඩිකාවන්
දිනාරා දෑල බණ්ඩාර -ගේට්වේ ජාත්‍යන්තර පාසල – මීටර් 100 සහ මීටර් 200 -මීටර් 100 මූලික තරග ජූනි 4 දා ප.ව.18.25 මීටර් 200 මූලික තරග ජූනි 6 දා ප.ව.17.25
තරුෂි කරුණාරත්න – වලල ඒ.රත්නායක විද්‍යාලය – මීටර් 400 සහ මීටර් 800 -මීටර් 400 මූලික තරග ජුනි 4 පෙ.ව.9.15 මීටර් 800 අවසාන තරගය ප.ව.18.05
ජයේෂි උත්තරා -ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලය -මීටර් 400 -මූලික තරග ජූනි 4 දා පෙ.ව.9.15
රනින්දි පහන්සා ගමගේ – පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – උස පැනීම අවසාන තරගය ජූනි 6 ප.ව.18.15
https://youtu.be/qr_tTbVWraA
ඉහතින් දැක්වෙන්නේ එම තරගාවලිය සජීවීව නැරඹිය හැකි යූ ටියුබ් සබඳතාවය ය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan