*
Friday, May 10, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 06/01

01. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා පසුගිය මාස 9 තුළ රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ශ්‍රී ලංකාවේ අනාගත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද රාත්‍රී 8.00ට සියලුම ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

02. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ: ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රු. 15 කින් පහළට, නව මිල රු. 318; ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රු. 20 කින් ඉහළට, නව මිල රු. 385; ලංකා සුපර් ඩීසල් ලීටරය රු. 10 කින් ඉහළට, නව මිල රු. 340; ලංකා භූමිතෙල් ලීටරය රු. 50 කින් පහළට, නව මිල රු. 245; ලංකා කර්මාන්ත භූමිතෙල් ලීටරය රු. 60 කින් පහළට, නව මිල රු. 270: ලංකා IOC ද මීට සමඟාමීව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

03. බුදුදහමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත් නතාශා එදිරිසූරියට අදාළව ‘SL-Vlog’ යූටියුබ් නාලිකාවේ හිමිකරු බෘනෝ දිවාකර පැය 08 කට අධික ප්‍රශ්න කිරීමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

04. රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයේ දායකත්වයක් නොලැබෙන බවට විවිධ පාර්ශ්වයන් ගෙන යන චෝදනා මුළුමනින් සාවද්‍ය බව රජය පවසයි: රජයේ අමාත්‍යාංශ 02ක් සහ එක් දෙපාර්තමේන්තුවක් දැනටමත් රු. මිලියන 28.8 ක මුදලක් වෙන් කර ඇති බව පවසයි: බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් පොසොන් මිහින්තලේ පෙරහැර සඳහා වෙන්කළ මුදල 2019 වසරින් පසු වෙන් කළ විශාලතම මුදල බව ද වාර්තා වේ.

05. තම මූල්‍ය තත්ත්වය අස්ථාවර වී ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සම්පත් බැංකුව පවසයි: මෙරට වාණිජ බැංකු අතර හොඳම ශේෂ පත්‍රය පවතින්නේ තම බැංකුව සතුව බව පවසයි: සාවද්‍ය තොරතුරු සමාජගත කරන සෑම පාර්ශවයකටම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද පවසයි.

06. ඇස්තමේන්තු කර ඇති පරිදි, මෙරට ජනගහනයෙන් 17% ක් – විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල – මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයක සිටින අතර, මෙම තත්ත්වය 2022 වර්ෂයට සාපේක්ෂව දියුණුවක් පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

07. මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ (Bill and Melinda Gates foundation) සාමාජිකයන් අතර පැවැත්වෙයි: කෘෂිකර්ම ක්ෂේත්‍රය නවීකරණය කිරීම, පෝෂණය වැඩි දියුණු කිරීම, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සහ මූල්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීම ආදී කරුණු සඳහා රජය දරන ප්‍රයද්නයන් අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

08. ශ්‍රී ලංකාවේ කිරි සහ උක් කර්මාන්තවල සංවර්ධනය සහ ධාරිතාවය ගොඩනැඟීම අරමුණු කොට ගෙන, බ්‍රසීලයේ Viçosa ෆෙඩරල් විශ්ව විද්‍යාලය, Sao Carlos ෆෙඩරල් විශ්ව විද්‍යාලය සහ Brazilian Cooperation Agency (ABC) සංවිධානයේ වෘත්තිකයන් 08 දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය: ජූනි 09 – 21 යන කාලසීමාව තුළ ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය: අදාළ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ කිරි සහ උක් කර්මාන්තවල සංවර්ධනය සහ ධාරිතාවය ගොඩනැඟීම සඳහා බ්‍රසීලයේ තාක්ෂණික සහාය ලබා දීමට අපේක්ෂා කෙරේ: මෙම විශේෂඥයන් උඩවලව, මහනුවර, මාවනැල්ල සහ කුරුණෑගල යනාදී ප්‍රදේශවල ක්ෂේත්‍ර චාරිකාවල නියැලීමට නියමිතය.

09. එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවට අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි: ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එතෙක් වත්මන් ජනාධිපතිවරයා යටතේ ආණ්ඩු පාලනය කිරීම දිගටම සිදුවනු ඇති බවට සඳහන්.

10. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විස්ඩන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2023 XI (Wisden Indian Premier League (IPL) 2023 XI) සඳහා නම් කෙරේ: මෙසේ නම් කිරීම සිදුව ඇත්තේ, විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය අවසන් වීමත් සමඟ, චෙන්නායි සුපර් කිංග්ස් (CSK) වෙනුවෙන් ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan