*
Wednesday, June 4, 2025
spot_img

Latest Posts

අශෝක ජයතුංග e කොළම.

🍎හොරුන්ට සේම රට  වැනසූ ත්‍රස්තයන්ට දඩුවම් නැද්ද…..?

🍎යහපාලනය කාලේ දැමූ දේශපාලකයන් සසල කළ නඩුව..?

 🍎රටට දිවිදුන් අය රණවිරුවන් ලෙස නොසලකන රජයක් මාලනී නිළි රැජිණ ලෙස නොසැලකීම අරුමයක්ද……?

🍎ඇපලෝ රෝහලෙන් ඇයට කළ සැලකීම ලංකාවෙන් ලැබුණා ද……?

🍎රාජ්‍ය ගෞරව එපා යයි එම පවුල කීවා නම් ඔවුන් එය රටට එළිකිරීමේ වැදගත්කම……?

🍎විජය ගේ මුහුණ කුඩුවෙන්නට වෙඩි තබා දැන් මාලනිය ගේ හදවත කීතු කිරීම…….?

🍎අවමගුලේ විකාරරූපී කතා…?

🍎රටට සැගවූ ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම ලීක්වීම….?

🍎රටේ ආරක්ෂාව වෙන රටකට හා උ / නැ ඩයස්පෝරාවට ද…..?

මාලනිය රටටම ආනන්දය ගෙනාවද ඇය සමුගත්තේ දැඩි ව්‍යාකූලතා ඉතිරි කරමිනි.  නිළි රැජිණ යයි විරුදාවලිය ලැබූව ද මාළිමා ආණ්ඩුවව එය පිළිගන්නා බවක් නොපෙණින. රට වෙනුවෙන් දිවිදුන් අය රණවිරුවන් ලෙස නොසලකන හා ජවිපෙ වෙනුවෙන් දිවිදුන් අය ඉල් විරුවන් ලෙස පමණක් සලකන පිරිසකගෙන් මීට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි බව කියන අය බොහෝය.

මාලනිය පිළිකාවෙන් පීඩාවිද අනතුරුව දරුණු හෘද රෝගයකට ගොදුරු විය. රනිල් ජනපති වූවිට  ලක්ෂ 50 ජනපති අරමුදලෙන් දී ඇති අතර තවත් ලක්ෂ 100 ක් වෙනත් මාර්ග හරහා ලැබී තිබේ. තවද තමිල්නාඩුවේ සිවාජි ගනේෂන් සමග “පයිලට් ප්‍රේමනාත්” චිත්‍රපටය රගපෑ නිසා ඇපලෝ  රෝහලෙන් ද ඇයට විශාල සහන  ලබා දී තිබේ. එහෙත් මාළිමා ආණ්ඩුව මාලනී ගැන දැක්වූයේ වෙනත් ආකල්පයකි. ඇය පොහොටිටු මන්ත්‍රීවරියක් ලෙස පමණක් සැලකූ රජය ඇය නිළි රැජිණ වූයේ ඊට කළින් බව අමතක කළේය.

“මුදල් චෝදනාවෙන් ඇය දැඩි කම්පනයකට පත්වූණා. විජයගේ මුහුණ කුඩු වෙන්නට වෙඩි තැබූ පිරිස් මාලනීගේ හදවත පණපිටන්ම කීතුකලා” සමාජ මාධ්‍ය වල චෝදනා ආවේ එහෙමය.

 මාලනීට රජ්‍ය ගෞරවය වෙනුවට රාජ්‍ය අනුග්‍රහය පමණක් ලබාදීම ගැන ද එහි වරද එම පවුල පිට පැටවීමට ආණ්ඩුව ක්‍රියා කිරීම ද ව්‍යාකූලතාවකි. මාලනීට රාජ්‍ය ගෞරව එපා යයි කී බව එම පවුල රටට කියන්නේ නම් ගැටලුව හමාරය. එසේම මාලනිය ගැන ආණ්ඩුව සිටි පහත් ස්ථාවරය තුළ තවමත් සිටින බව පෙනුනේ අවමංගල්‍යයෙන් පසුව ද ඇමති නලින්ද ගේ රළු හැසිරීම තුළය. එම අවමගුලේ දී මාලනියට උදව් කල අය වෙනුවට ඇයට එරෙහි ස්ථාවර දැරූ ආණ්ඩුවට ස්තුති කිරීම හා එහිදී මහාචාර්යවරයෙකු කළ උතුර දකුණ පැටලෙන විශ්ව විද්‍යාල ඇදුරන්ටවත් නොතේරෙන දේශනය ගැන ද සමාජය තුළ මතුවූයේ උපහාසයකි. ආණ්ඩුව මෙතනදීද ලකුණු කපාගත් බව පොදු සමාජ මතය වේ.

රණවිරුවන් 27,000 ක් දිවිපුදා කොටි ත්‍රස්තයන්ගෙන් බේරාගත් රට කොටි ඩයස්පෝරාවට හා ආරක්ෂක ගිවිසුම් මගින් ඉන්දියාවට පාවාදෙන බව මේ ආණ්ඩුවට එල්ලවන චෝදනාවකි. එම ආරක්ෂක ගිවිසුම එළිකිරීමට මාළිමාව ක්‍රියා කළේ නැත. එය ඔවුන්ගේ අතීත භාවිතාව අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

 ඉකොනමි නෙස්ට් වෙබ් හි ෂෙහාර් අනිස් ගිවිසුම එළි කොට තිබේ. දෙරටේ ආණ්ඩු ඒ ගැන විරෝදය දක්වා නැත. මෙය ඉන්දියානු පාර්ශවය සූක්ෂම ලෙස ලීක් කල බවට ද මතවාද පවතී.කොන්දේසි 12 කින් යුතු  ගිවිසුම තෙවන පාර්ශවයකට එළිකල නොහැකි බව සදහන්වීම තුළම ලංකාවෙි කරට අතදාගෙන ඉන්දියාව ගැසූ ගේම පැහැදිලිය. තම රටවල භූමිය සෙසු රටට එරෙහිව පාවිච්ච කල නොහැකි බව ගිවිසුමේ සදහන් වෙතත් මෑතකදී ද ඇවිලෙන්නට ගිය ඉන්දු චීන යුද්ධයකදී චීනයට යම් ප්‍රතිශතයක් අයිති පෝට්සිටි හා හම්බන්තොට වරායේ සහාය චීනය ගන්නට හැදුවොත් ලංකාව මුහුණ දෙන අනතුර කෙතරම් ද. ගිවිසුම මාස 03 ක දැනුම් දීමෙන් අවලංගු කළ හැති බව කීවද ලංකාව මින් ඉවත් වන්නට ගියොත් අපේ අත කරකවා දැමීමට ඉන්දියාව ක්‍රියා නොකරන බවට ඇති සහතිතය කුමක්ද.

එදා බලය බෙදන ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රට වැනසූ පිරිසක් රටේ ආරක්ෂාව වෙන රටකට පාවාදීම යුගයේ දේශපාලන සරදමක් නොවේදැයි අහන අය එමටය.

යහපාලන කාලයේ දැමූ කැරම් බෝඩ් නඩුවෙන් හිටපු ඇමතිලා දෙන්නෙක් ගස්ය. හොරුන්ට දඩුවම් දීම කාගේත් කැමැත්තය. එසේම කොටි හා ජවිපෙන් රටට සිදුවූ ප්‍රකෝටි ගණන් අලාභ වලට දඩ්‍රවම් දෙන ක්‍රමයකුත් අවශ්‍යය. කොටින්ට රණවිරුවන් දඩුවම් කළ ද ජවිපෙට රටේ බලය හිමිවී තිබේ.2018 දී මෙවැනි නඩු තීන්දු ඒම ඇරඔී තිබිණ. දින 54 පෙරළිය ආවේ ඒ අස්සේ බව සමහරුන්ට මතක නැත. එහෙත් වත්මන් විපක්ෂයට එවැනි කොන්දක් තිබේද.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan