කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂයට හිමි වන්නේ නම් නගරාධිපති ධූරය සමඟි ජන බලවේගයටත් නියෝජ්‍ය නගරාධිපති ධූරය එක්සත් ජාතික පක්ෂයටත් ලැබීමේ වරදක් නැති අතර එය එසේ සිදුවිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (02) සමඟි ජන බලවේගය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.
පක්ෂයක් ලෙසම එම ස්ථාවරයේ සිටි බවද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
මරික්කාර් මහතා මේ බව පැවසුවේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිධූරය සහ නියෝජ්‍ය නගරාධිපති ධූරය සම්බන්ධයෙන් අද පුවත්පතක පළකර තිබුණු පුවතක් පිලිබඳව මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු ලෙසය.
කොළඹ මහ නගර සභාව තුළ ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොමැති අතර විපක්ෂයේ පාර්ශව එකතු වූ විට එම බලය විපක්ෂයට හිමිවන හෙයින් විපක්ෂය තුළ වැඩිම මන්ත්‍රී ආසන ගණනක් දිනා ගෙන සිටින සජබ වෙත නගරාධිපති තනතුර ලැබිය යුතු බව මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
