අඹ ගෙඩි 20ක් තිබේ නම් ඉන් 5ක් කෑමට ගන්න

0
1797

Community Kitchen වැඩසටහනක පළමු අත්දැකීම. එකිනෙකාව බලා ගැනීමේ පුරවැසි වගකීම. ඉවීම කළේ ගෝල් ෆේස් අරගල බිමේ සිට පැමිණි තරුණ පිරිසක්. අනුග්‍රහය පිළිබඳ විස්තර යටින් එන විස්තරයේ දැක්වෙනවා.

අපි හැමට මෙයට දායක විය හැකියි. ගෙදර ගස්වල වැඩිපුර තියෙන කොස්, දෙල්, ඇඹ‍රැල්ල, අඹ වගේ දේවල් වලින් කොටසක් මේ වෙලාවෙ ආහාර ප්‍රශ්නයට මුහුණ දෙන අයට ආහාර පිසීම සඳහා ලබාදිය හැකියි. එම අමු ආහාර ද්‍රව්‍ය එකතු කර, උයන ස්ථානයට යැවීමේ වැඩපිළිවෙළක් සර්වෝදයෙන් සැකසූ වහාම දැනුම් දෙන්නම්. බත්තරමුල්ල අවට අයට ඒවා අප රාහුල ආයතනයට ගෙනැවිත් බාරදෙන්න පුළුවන්. වැඩපිළිවෙළ සකස් වූ වහාම දැනුවත් කරන්නම්.

ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය

ද්වීහි කම්මං පයෝජයේ

චතුත්ථඤ්ච නිධාපෙය්‍ය

ආපදාසු භවිස්සති

අඹ ගෙඩි 20ක් තිබේ නම් ඉන් 5ක් (1/4) කෑමට ගන්න.

10 ක් (2/4) චට්නි හදා හෝ වෙනත් ආකාරයකට කල්තබා ගන්න. (ඉදිරි ආහාර හිගයේ දී ඔබේ පාවිච්චිය සඳහා).

5 ක් (1/4) කොමියුනිටි කිචන් එකට දෙන්න.

ආපදා අවස්ථාවක දී එකිනෙකා බලා ගැනීම පුරවැසි වගකීම වන බැවිණි.

Galkande Dhammananda  Facebook පිටුවෙ​න්